Monday, September 23, 2024
32 C
Sri Lanka

දියතලාවේ අනතුරේ මෝටර් රථ රියදුරන් අත්අඩංගුවට.

පුද්ගලයින් 7 දෙනෙකුට දිවි අහිමි කරමින් දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර සිටිය දී එලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

අනතුරින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය ඊයේ (21) පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ විය.

මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ වසර 5කට පසුවය.

අවසන් වරට 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දින මෙම ධාවන තරගාවලිය පවත්වා ඇති අතර පාස්කු ප්‍රහාරය හේතුවෙන් එම තරගය අතරමග නතර කිරීමට සිදුවිය.
 
ඒ අනුව වසර 5ක කාලයක් එම තරගාවලිය නොපැවැත්වුණු අතර මෙවර එම තරගාවලිය සඳහා විශාල ජන සහභාගීත්වයක් ද පැවැති බව වාර්තා විය.

අද (21) පෙරවරුවේ ආරම්භ වු ධාවන තරගය පැවැත්වෙන අතරවාරයේ මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබුණි.

මෙම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකරන බව යුද හමුදාව සඳහන් කළේය.

දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබන එක් අයෙකු දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img