Sunday, September 22, 2024
22.2 C
Sri Lanka

ඩයලොග් – මොබිටෙල් ඒකාධිකාරිය අවසන් කරමින් ස්ටාර්ලින්ක් මෙරටට ලබා දීමේ පරීක්ෂණය සාර්ථක වෙයි.

Starlink Internet කියන්නේ මොකක්ද කියා හොදින්ම දන්නවා. සරලවම මෙය අධිවේගි අන්තර්ජාල පහසුකම් ලොව ඕනෑම ස්ථානයක් සඳහා රැහැන් රහිතව ලබා දීම සඳහා SpaceX සමාගම විසින් ක්‍රියාත්මත කරන ව්‍යාපෘතියක් වනවා.

ඒ වගේම පසුගිය සමයේ මෙය ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණ බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටියා.

වාර්තා වන නවතම තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන්ගේ නාවික යාත්‍රා සඳහා මේ Starlink Internet සේවාව ලබා ගැනීමට අදහස් කර තිබෙන අතර ඒ සඳහා සිදු කරන පරීක්ෂණ කටයුතු සඳහා ඔවුන්ට UTA 222 Outdoor Dish එක සහිත Starlink Kit එක ලැබී තිබෙනවා.

ඒ අනුව මෙහි පරික්ෂණ කටයුතු මසක් පුරාවටම “ගජබාහු” නාවික යාත්‍රාව සමගින් සිදු කර තිබෙන අතර එහිදි ඔවුන්ට මේ ඔස්සේ 11.9MB/s (~100Mbps) දක්වා වු Download Speed එකකුත්, 2.65MB/s (~22Mbps) දක්වා වු Upload Speed එකකුත් ලබා ගැනීමට හැකියාව ලැබි තිබෙනවා. මේ සඳහා ඔවුන්ට මසක කාලයත් සඳහා භාවිත කිරීමට ඩොලර් 250ක මුදලකට 50GB ප්‍රමාණයක් හිමිවී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවටම අයත් “සමුදුර“ නාවික යාත්‍රාවට තවත් මසක කාලයක පරික්ෂණ කටයුතු සඳහා මේ උපාංග කට්ටලටයම ලැබි තිබෙනවා.

ඒ වගේම ඔවුන් විසින් වැඩි දුරටත් සඳහන් කර සිටියේ තවමත් මේ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව නොමැති බවත්, තවමත් මෙහි පරික්ෂණ කටයුතු ඔවුන්ගේ නාවික යාත්‍රා සමඟින් සිදු කරන බවයි.

මෙම පරික්ෂණ කටයුතු සාර්ථක වී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ Starlink සේවාව භාවිත කිරීම ආරම්භ කළ හොත් එය මෙරට අන්තර්ජාල සේවා ලබා ගැනීමේ නව හැරවුමක් වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්. එය සාර්ථක වුවහොත් ඉදිරියේදී සාමාන්‍ය ජනතාව සඳහාත් මේ Starlink සේවාව භාවිත කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි මේ හරහා බලාපොරොත්තු වන්න පුලුවන්.

Source – Android Wedakarayo

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img