Saturday, March 14, 2026
21.1 C
Sri Lanka

එල්පී ගෑස් නිෂ්පාදනය වන අපූරු ක්‍රියාවලිය.

එල්පී ගෑස් කියන්නේ අද වෙද්දී ලෝකය පුරා බොහෝ දෙනෙක්ගේ වැඩ කටයුතු පහසු කරවන ශක්ති ප්‍රභවයක්.ඒ නිසාම බහුතරයක් දෙනා අතර එල්පී ගෑස් සම්බන්ධයෙන් තියෙන්නේ අධි ඉල්ලුමක්.ලෝකය පුරාම බහුතරයක් සමාගම් පාරිභෝගිකයන්ගේ මේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නිරන්තරයෙන්ම කටයුතු කරනවා.ඒ වගේම තමයි පාරිභෝගිකයන් එල්.පී.ගෑස් භාවිතා කරනවා වගේම එල්.පී ගෑස් නිෂ්පාදනය වන ආකාරය පිළිබඳවත් අවබෝධයෙන් සිටීම වැදගත්.එනිසාම ඔබේ දැනුම සඳහා එල්.පී.ගෑස් නිෂ්පාදනය වන ආකාරය පිළිබඳව සඳහන් කරන්න තමයි මේ සූදානම.

පළමු පියවර.

පළමු පියවර විදිහට එල් පී ගෑස් නිෂ්පාදනය කිරීමට ප්‍රථම ඒ සඳහා භාවිතයට ගන්නා ස්වභාවික වායු කියන වායු වර්ගය ගවේෂණය කිරීම සිද්ධ කරනවා.මේ ස්වභාවික වායු වර්ග පිහිටා තිබෙන්නේ පොළව අභ්‍යන්තරයේ තියෙන බොරතෙල් සංචිතවලයි.එම නිසාම දීර්ඝ ක්‍රියාවලියකින් අනතුරුව එකී බොරතෙල් සංචිතවලින් ස්වභාවික වායූ නිස්සාරණය කර ගැනීම පළමු පියවර ලෙස අනුගමනය කරයි.

දෙවැනි පියවර.

එන් අනතුරුව ඒ ආකාරයෙන් රැස් කරගත් ස්වභාවික වායූ නිශ්චිත ක්‍රමවේදයක් යටතේ ඒ වගේම දක්ෂ පළපුරුදු කණ්ඩායම් නායකත්වයක් යටතේ ස්වභාවිකවම පිරිපහදු කිරීමේ සුවිශේෂී ක්‍රියාවලියකට ලක්වෙනවා.මෙහිදී මෙම ස්වභාවික වායුන්ගේ අන්තර්ගත වී තිබෙන සල්ප සංඝටක සහ ජලය ඉවත් කිරීම ප්‍රධාන ලෙස සිදුකරයි.

තුන්වෙනි පියවර

තුන්වෙනි පියවරේදී සිද්ධ කරන්නේ විභාජනය කියන ක්‍රියාවලියයි.විභාජනය යනු වෙන් කිරීමයි.මෙහිදී සිද්ධ වෙන්නේ පිරිපහදු කිරීමෙන් පසු අපද්‍රව්‍ය ඉවත් කරපු ස්වභාවික වායූන් විභාජනයට ලක් කිරීමයි.එහිදී ස්වභාවික වායුන්ගේ අන්තර්ගත ප්‍රෝපේන් ,බියුටේන් වැනි වායු වර්ග වෙන් කිරීම සිදු කරයි.

හතරවෙනි පියවර

මේ අවස්ථාවේදී තමයි එල්පී ගෑස් නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. මේ විදිහට ප්‍රොපේන් බියුටේන් විදිහට වෙන් කරගත්තු සංඝටක එල්පී ගෑස් ලෙස හඳුන්වයි.ඉන් අනතුරුව එල්පී ගෑස් වැඩි පීඩන තත්ත්වයක් යටතේ සිලින්ඩර්වල ගබඩා කිරීම සිදු කරයි.සිලින්ඩර් වල ගබඩා කිරීම සිදුකිරීමේදී ඉහළම තත්ත්ව සහතික යටතේ උසස්ම තාක්ෂණය යොදා ගැනීම සිදුකරන අතර ඉන් අනතුරුව නිසි ලෙස ගබඩා කෙරූ සිලින්ඩර් වෙළඳපොළට මුදා හැරීම සිදු කරයි.

මෙකි ක්‍රියාවලිය සිද්ධ කරන්නේ ඉහළම උසස් තාක්ෂණයන්ගෙන් යුත් කණ්ඩායම් සමඟයි. එම නිසාම එල්පී ගෑස් සැමදාම ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්ත වූ බව සඳහන් කළ යුතුමයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img