Friday, March 13, 2026
20.5 C
Sri Lanka

විදෙස් ජාවාරම්කාරයින්ට තරාතිරම නොබලා කටයුතු කරන්න.

විදේශ රැකියා ලබාදෙන බව පවසා නීතිවිරෝධී ලෙස මුදල් ලබාගන්නා ජාවාරම්කරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස විෂයභාර අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට නියෝග කර තිබෙනවා.

එලෙස මුදල් ලබා ගැනීමේ ජාවාරම් වැළැක්වීම සඳහා ගත යුතු සියලුම පියවර ගන්නා ලෙසටයි අමාත්‍යවරයා නියෝග කර ඇත්තේ.

අදාළ විමර්ශන වේගවත් සහ කාර්යක්ෂම කිරීම සඳහා සෑම පහසුකමක්ම ලබාදෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් දැනුම් දී තිබෙනවා.

මේ අතර අනුරාධපුරයට ආසන්න එක්තරා විහාරස්ථානයක විහාරාධිපති ප්‍රමුඛ පොලිස් සාජන්වරයකු මුල් වී විදේශ රැකියා ලබා දීම සඳහා මුදල් අය කිරීමේ සිද්ධියක් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යාංශයට අනුබද්ධ විමර්ශන කණඩායම සමග කළ සාකච්ඡා අනුව පැමිණිල්ලේ සඳහන් පාර්ශ්ව අත්අඩංගුවට ගැනීම සඳහා එවැනි සිදුවීමකට මුහුණ දුන් පාර්ශ්වයක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැමිණිලි අංශය වෙත පැමිණිලි ලබා දෙන ලෙසයි මනුෂ නානායක්කාර මහතා දැනුම් දී ඇත්තේ.

බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයකට හැර කිසිදු පාර්ශ්වයකට විදේශ රැකියා සඳහා මුදල් ලබා ගැනීමට බලයක් නොමැති බව අමාත්‍යවරයා කියා සිටියා.

මෙම සිදුවීම පිළිබඳව ලැබෙන පැමිණිලි අනුව තරාතිරම නොබලා සැකකරුවන්ට එරෙහිව කටයුතු කරන බවයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img