Friday, March 13, 2026
20.9 C
Sri Lanka

පුහුණුව ලත් පොලිස් නිළධාරීන් 100ක්, යතුරු පැදි කණ්ඩායම් 50 ක්, බස්නාහිර සහ දකුණට.

යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර සහ දකුණ පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන පාතාල අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් විශේෂ කාර්ය බලකා යතුරු පැදි කණ්ඩායම් වලට සමගාමීව ක්‍රියාත්මක වීම සදහා විශේෂ කාර්ය බලකා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100 ක ගෙන් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් 2024.04.25 වන අද දින කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කදවුරේ සති 02 ක පුහුණුව සාර්ථකව අවසන් කර විසිරයැමේ උත්සවය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙම විශේෂ පුහුණුව ලත් යතුරු පැදි කණ්ඩායම් අද දින සිට බස්නාහිර සහ දකුණ පළාතේ විශේෂයෙන් හදුනාගත් පොලිස් වසම් ආවරණය වන පරිදි සංචාරය කිරීමට නියමිත අතර, අපරාධකරුවන් වෙත ක්ෂණිකව හඹාගොස් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාත්මක වනු ඇත.

අමාත්‍ය ටිරාන් අලස් මහතා සිදුකළ සම්පූර්ණ කතාව.

මම අමාත්‍යාංශය භාර ගන්න කොට ඔබ සියලු දෙනාම දන්නවා ශ්‍රී ලංකා පොලිසිය වැටිලා තිබුණු තත්ත්වය. අරගලය කාලෙ පොලිස් නිලධාරීන්ට මුහුණ දෙන්න සිදුවී තිබුණු දේවල් අපි රූපවාහිනියේ දැක්කා. මගේ වගකීම තිබුණේ ඒ වෙලාවේ ශ්‍රී ලංකා පොලිසිය නගා සිටුවන්න. මම ඒ වෙලාවේ විශ්වාස කෙරුවා ඔබලා වෙනුවෙන් අපි කෙලින් පෙනී සිටිනවා නම් ඔබ සියලු දෙනාට විශාල වැඩ කොටසක් මේ රටේ කරන්න පුළුවන් කියලා. ඉතින් මම ඒ වෙලාවේ තීරණය කෙරුවෙ මගේ පැත්තෙන් කළ යුතු දේ ශ්‍රී ලංකා පොලිසියට කරනවා කියලා. ලබා දෙන්න තියෙන දේවල් ලබාදෙන්න. අපි එකපාරක් බටා වැඩි කෙරුවා.ආහාර හා නවාතැන් දීමනාවක් දුන්නා. වාහන ලබා දුන්නා. ඒ සියලු දේ ලබා දෙනකොට මට විශ්වාසයක් තිබුණා ශ්‍රී ලංකා පොලිසිය දැන් තියෙන තත්ත්වයට නඟා සිටුවන්න පුළුවන් වෙයි කියලා. යුක්තිය මෙහෙයුම පටන් ගන්න හේතුව අපේ රට කුඩු වලින් හා පාතාලයෙන් බේරගන්න. අපේ දරු පරපුර බේරගන්න. යුක්තිය මෙහෙයුම පටන් ගන්න කලින් අපි මේක අධ්‍යයනය කළා. පොලිස්පතිතුමාව පොලිස්පති කරන්න යම් වෙහෙසක් ගන්න සිදුවුණා. මා දැනගෙන සිටියා එතුමට කරන්න පුළුවන් මොකක්ද කියල ඒ අනුව අපි මෙහෙයුම පටන් ගත්තා.

මං අද මේ මෝටර් සයිකල් කණ්ඩායමේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා බය නැතුව අපිට යා යුතු ඉලක්කයට යන්න. ඕනම හදිස්සි වෙලාවක තමන් අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න වෙනවනම් හරි දේට පාවිච්චි කරන්න. අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී සිටිනවා. ඒ වගේම වැරදි දේවල් කරන අයට විරුද්ධව තදින් ක්‍රියාත්මක වෙනව. මේ මෝටර් සයිකල් කණ්ඩායමට තෝරගත්තු ඔබ සැම දන්නවා මේ මෝටර් සයිකල් කණ්ඩායමේ අවශ්‍යතාවය මොකක්ද කියලා. මේ කණ්ඩායම මදි වුනොත් අපි තවත් මෝටර් සයිකල් කණ්ඩායමක් පිහිටවනවා. අපේ එක ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය මේ වන විට සියලු පොලිස් නිලධාරීන් දන්නවා . මට අවශ්‍ය ඒ ඉලක්කයට යෑම පමණයි. ඒ නිසා අද ඉඳන් මේ වැඩ කොටස කරන්න කැපවෙන්න. අපි සියලු දෙනා එකතු වෙලා මේ රටේ මහජනතාව බේරගන්න ක්‍රියාදාමයකට යන්නෙ. දෙපාරක් හිතන්න ඕනේ නෑ මේ රටට කුඩු ගේන, කුඩු විකුණන, පාතාල ක්‍රියාකාරකම් කරන පුද්ගලයන් මේ රටෙන් තුරන් කිරීම පවක් නෙමෙයි .ඒක හොඳට හිතට අරගෙන අද ඉඳන් පොලිස්පතිතුමාගේ නායකත්වයෙන් එතුමා දෙන උපදෙස් පරිදි වැඩ කරගෙන ගිහිල්ලා අපේ මේ රට හොඳ තැනකට ගෙනියමු.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img