Friday, December 5, 2025
21 C
Sri Lanka

මත්පැන් සම්බන්ධයෙන් ලොකු තීරණයක්.

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.1ක් බව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ඊයේ (24) සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්තාවේ දී අනාවරණය වී ඇත.

බදු නොගෙවන මත්පැන් නිෂ්පාදකයින්ගෙන් බලපත්‍ර බදු ගෙවන තෙක් තාවකාලිකව අත්හිටුවීමට ගෙන තිබූ කාරක සභා නියෝගය නොසලකා හැර කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සභාපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර තිබේ.

බලපත්‍ර අහෝසි නොකොට අදාළ හිඟ බදු මුදල් වාරික වශයෙන් අයකරගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බව එහිදී සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් කාරක සභාවට දන්වා ඇත.

කෙසේවෙතත් එම ක්‍රමවේදය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බැවින් ජූනි 30 වනදා වන විට අදාළ හිඟ බදු මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාව නියෝග කර තිබේ.

2024 වසරට අදාළව පළමු කාර්තුව තුළ සුරාබදු දෙපාර්තමේන්තු ඔවුන්ට ලබාදී තිබු බදු මුදල වන බිලියන 52න් බිලියන 51ක් මේ වන විට එකතු කර ගැනීම මගින් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක සපුරා තිබීම පිළිබඳව මෙහිදී කාරක සභාවේ ප්‍රසාදය පළ වී ඇති බව සඳහන් වේ.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img