Wednesday, February 18, 2026
20.3 C
Sri Lanka

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.

දේශීය නියෝජිත ආයතනය හා නැව අතර ඇති වූ සංවාද ඇතුළත් හඬ පට දත්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කෙසේවෙතත් ඊයේ (25) නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම විමර්ශනවලට අදාළ කරුණු දැක්වීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇත.

එහිදී අදාළ පැමිණිල්ලේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින එම නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව දැනටමත් කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙන බවය. 

එම තත්ත්වය යටතේ තවදුරටත් විමර්ශන සිදු කිරීමේ අවශ්‍යතාවය කුමක්දැයි එම නීතිඥවරුන් ප්‍රශ්න කර තිබේ. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පොලීසියට දැනුම් දුන් අතර එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසටද නියෝග කර තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img