Wednesday, June 18, 2025
23.5 C
Sri Lanka

එයාපෝර්ට් එකේදී මෙයා ලගට ආවොත් සොරි තමයි.හුරතලේට හිටියට මේ ඉන්නේ විශේෂ පුහුණුවක් තියෙන සොල්දාදුවෙක්. ෆේස්බුක් එකේ වයිරල් වුන බලු හුරතලාගේ ඇත්ත කතාව.

දවස් වල ෆේස්බුකේ වයිරල් වෙන වීඩියෝ එකක් තමයි මේ. මේ විඩියෝ එකේ කමෙන්ට් වල ගොඩක්ම තියෙන්නේ මෙන්න මේ බලු සුරතලාගේ හුරතලේ ගැන වගේම එයාගේ මිත්‍රශීලීකම ගැනයි. හැබැයි ඇත්තටම මේ සුරතලා කාටද අයිති, එයා මේ එයාපෝර්ට් එකේ මොකද කරන්නේ කියන එක දන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. මේ සුනඛයා ඇතුළුව ගුවන්තොටුපලේ සිටින සුනඛයන් සියළුම දෙනා අයිති වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සුනඛ ඒකකයටයි. මේ සුනඛයන් සියළු දෙනාම විශේෂ පුහුණුවක් ලබා සිටින අතරම ඕනෑම කෙනෙක් සතුව තිබෙන පුපුරණ ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය සෙවීමේ විශේෂ හැකියාවක් එම පුහුණුව තුලින් ඔවුන්ට ලැබී තිබෙනවා.

ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදා සුනඛ අංශය ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන අතරම එහි ආරම්භය සනිටුහන් වන්නේ 1972 අගේස්තු මස 23 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව හරහායි. එදා පටන් ක්‍රම ක්‍රමයෙන් තාක්ෂණිකව දියුණු වෙමින් දිගු ගමනක් පැමිණ තිබෙන මෙම සුනඛ අංශය, ජාතික වශයෙන් මහත් වු සේවාවක් ඉටු කරමින් සිටිනවා. 1985 වසරේදී සුනඛයින් 12 දෙනෙක් මෙම බලකායට එකතු වූ අතර 1998 වසරේදී එංගලන්තයෙන් ගෙන්වා ගත් සුනඛයන් 17 දෙනෙක්, 2006 වසරේදී ජර්මනියෙන් ගෙන්වූ සුනඛයන් 12 දෙනෙක් සහ 2013 වසරේදී නෙදර්ලන්තයෙන් සුනඛයන් 10 දෙනෙක් සහ 2020 වසරේදී නෙදර්ලන්තයෙන් සුනඛයන් 20 වශයෙන් වරින් වර සුනඛයන් තමන්ගේ බලකායට එකතු කර ගැනීමට ගුවන් හමුදාව කටයුතු කර තිබෙනවා.

පුපුරණ ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය සෙවිමෙි සුවිශේෂි පුහුණුවට අමතරව මෙම සුනඛයින් ප්‍රභූ ආරක්‍ෂක රාජකාරින් සදහාත් ආපදා අවස්ථාවන් හිදි සෝදිසි මෙහෙයුමි සහ ගලවා ගැනීමේ රාජකාරින් වලදී ඉව පසු පස ලුහුබැඳ හඹායාමේ මනා පුහුණුවකින්ද සමන්විත වෙනවා. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරිම උදෙසාත් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සිදුකිරිම සදහාත් ගෞරවාන්විත සේවයක් ඉටු කරන මෙම සුනඛයන් මේ වන විට අපරාධකරුවන් රැසක් නීතියේ රැහැනට අල්ලා ගැනීමට සමත් වී සිටීම පැසසිය යුතු කාරණයක් වෙනවා.

https://www.facebook.com/watch/?v=656983623567355

Hot this week

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන...

බස්නාහිර පළාත් පලාත් පාලන කොමසාරිස්වරියට විරුද්ධව නීතිමය පියවර ගැනීමේ සූදානමක්

https://www.youtube.com/watch?v=ChCFZwTjhok හොරාට ඡන්ද දාපු කළු බැටලුවො අපි ගාව ඉඳලා තියෙනවා...

බෝම්බ බියක් හේතුවෙන් දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි

බෝම්බ බියක් වාර්තාවීම හේතුවෙන් ෆුකෙට් දූපතේ සිට නවදිල්ලිය බලා...

රු. 3690/-කට ලිට්රෝ තියෙද්දී, ගෑස් වලට ඇයි රු 4100/- ගෙවන්නේ?

එල්.පී.ජී ගෑස් අවශ්‍යතාවයෙන් 80% අධික කොටසක් සපයන ලිට්රෝ ගෑස්...

Topics

ජනාධිපති සමාවට අදාළ නඩුවෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රක්ෂිත බන්ධනාගාරයට

ජනාධිපති පොදු සමාව යටතේ සැකකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් නඩු...

සිරකරු පොදු සමා සිද්ධියට අ‘පුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට

ජනපති සමාව යටතේ වෙසක් පොහෝදින නිදහස් කළ සිරකරුවන් අතරට...

සතොස ඉතිහාසයේ එක් දිනක වැඩිම අලෙවිය වාර්තා කරයි..

පසුගිය කාර්තුවලට වඩා ලංකා සතොස ආයතනයේ සියලුම භාණ්ඩ සියයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img