Friday, March 13, 2026
25.2 C
Sri Lanka

බැංකු ගිණුම්වලින් 60% ක්ම 5000 ට අඩු ඒවා බව හෙළි වෙයි.

මෙරට බැංකු ගිණුම්වලින් තුන් කෝටි හතළිස් තුන්ලක්ෂයකට (34,320,000) වැඩි ප්‍රමාණයක් රුපියල් පන්දහසට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බව අනාවරණය වී තිබේ.

මෙරට ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක් වූවත්, බැංකුවල තිබෙන ගිණුම් ප්‍රමාණය පන් කෝටි හැත්තෑ දෙලක්ෂයකි (57,200,000) එම බැංකු ගිණුම්වලින් 60% ක්ම රුපියල් 5000 ට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසුවේය.

බැංකුවලට අය නොවන ණය ප්‍රමාණය සාමාන්‍ය කාලවලදී 4% ත් 5% ත් අතර ප්‍රතිශතයක පැවතියත්, මේ වනවිට අය නොවන ණය ප්‍රමාණයේ ප්‍රතිශතය 13% ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

ණය නොගෙවීම නිසා දේපොළ අත්පත් කරගැනීමේ නීතිය ක්‍රියාත්මක කිරීම (පරාටේ නීතිය) මේ වසරේ දෙසැම්බර් දක්වා තාවකාලිකව රජය විසින් නතර කර ඇතත්, බැංකුවලට අධිකරණයට ගොස් අදාළ දේපොළ අත්පත් කරගැනීමට හැකියාව ඇතැයිද ඔහු කීවේය.

බැංකුවල තිබෙන වත්කම්වලින් සියයට 80 කම අයිතිය ඇත්තේ ගිණුම් හිමියන්ට බවද ඔහු පැවසීය.

එමෙන්ම, බදු ගෙවීම පැහැර හරින පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අත්හිටුවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img