Saturday, March 14, 2026
21.6 C
Sri Lanka

මැණික්හින්න රෝහලේ ගැ#ටුමකින් 7දෙනෙකුට තුවාල.

මහනුවර මැණික්හින්න රෝහලට හදිසි රෝගීයකු ඇතුළත් කළ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා ඇතුළත් කිරීමට පැමිණි පිරිස අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් පහර දීමෙන් පුද්ගලයන් 7දෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර තිබේ.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ දිගන පදිංචි පුද්ගලයන් හත් දෙනෙකි.

ඊයේ (28) රාත්‍රී මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති අතර එය පාලනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද කැඳවීමට පියවර ගෙන තිබිණි.

මැණික්හින්න ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරවාරයේ තුවාල ලැබු පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙනවිත් ඇති අතර එහිදී රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් ද අවුරුදු උත්සවයකට සහභාගීවී තිබීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වී ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධවෙන් විමසීමේ දී රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ තුවාල ලැබු පාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.

මෙය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර එහිදී වෛද්‍යවරයකු සහ තවත් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් කීප දෙනකු රෝහලේ පුටුවලින් පවා පහරදීම් සිදු කළ බව පහර කෑමට ලක්වූවෝ පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද දුරකතන පණිවුඩයක් අනුව මැණික්හින්න පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් පැමිණ දෙපාර්ශවයේ තුවාලකරුවන් රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබීය.

මෙම කළහකාරී සිද්ධියේදී වාහන කීපකටද අලාභහානි සිදුව තිබේ.

සිද්ධිය වන අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය බීමත්ව සිටියේ දැයි දැන ගැනීමට පරීක්ෂණ සිදු කරයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img