Friday, January 30, 2026
22.6 C
Sri Lanka

ලයිට් බිල තව අඩු කරන්න ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්.

විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ  මහතා   ප්‍රකාශ කරන්නේ   විදුලිය බල මණ්ඩලය ලබා ඇති අසීමිත ලාභය සැලකිල්ලට ගෙන  විදුලිය බිල සියයට විස්සකින් අඩුකර එම සහනය  ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින සාමාන්‍ය මහජනතාවට මෙන්ම කර්මාන්ත කරුවන්ට  නොපමාව ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය වහා පියවර ගත යුතු බවයි.

ජනතාවගේ ආර්ථික අපහසුතා එමගින් යම් මට්ටමකට අඩු කළ හැකි වෙතැයි  විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.

විදුලි බල උත්පාදනයේදී ජල විදුලි බල දායකත්වය පසුගිය වසරේ මුල් භාගයේදී  ඉහළ යෑම  මණ්ඩලයේ  මූල්‍ය කාර්ය   සාධනය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයිද  කමිටුව පෙන්වා දෙයි.

විදුලිය මණ්ඩලය පසුගිය වර්ෂයේ දී ලැබූ සමුච්චිත ලාභ ප්‍රමාණය රුපියල් කෝටි 6000 ක් බවත්  2024 ජනවාරි පෙබරවාරි මාස දෙකේදී ලැබූ  රුපියල් කෝටි 5100 ක මුදලද  ඇතුළත්ව 2024 මාර්තු 31 වනවිට රුපියල් කෝටි 8200 ක ලාභයක් උපයා ඇති බවත් එම කමිටුව සඳහන් කරයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img