Thursday, January 29, 2026
19.3 C
Sri Lanka

භානුක ‍සහ ජනිත්ගෙන් ගිනිකෙළි.

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ පන්දුවාර 20 පුහුණු තරගාවලියේ ඊයේ (6 වැනිදා) පැවැති කහ සහ කොළ කණ්ඩායම් අතර තරගයේදී භානුක රාජපක්ෂ පන්දු 36කින් ලකුණු 88ක් රැස් කිරීමටත්, ජනිත් ලියනගේ පන්දු 35කින් ලකුණු 70ක් රැස් කිරීමටත් සමත් වූහ. තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අතර පළමුවෙන් පන්දුවට පහර දුන් කොළ කණ්ඩායම ලකුණු 252ක් රැස් කරගත් අතර කහ කණ්ඩායමේ ඉනිම ලකුණු 153කට සීමා කරමින් තරගය ලකුණු 99කින් ජය ගැනීමටත් ජනිත් ලියනගේ ප්‍රමුඛ කොළ ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ කාසියේ වාසිය දිනූ කොළ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර පළමු කඩුල්ල ලෙස පන්දු 8කදී ලකුණු 16ක් රැස් කළ චන්දිමාල් දැවී ගිය අතර ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පන්දු 22කදී ලකුණු 33ක් රැස් කොට දෙවන කඩුල්ල වශයෙන් දැවී ගියේය. නොම්මර 3 පිතිකරු භානුක රාජපක්ෂ හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් සමගින් පන්දු 36කදී ලකුණු 88ක් රැස් කළ අතර නොම්මර 4 පිතිකරු ජනිත් ලියනගේ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගින් පන්දු 35කදී ලකුණු 70ක් රැස් කළේය. ඉනිම අවසානයේ වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කළ රමේෂ් මෙන්ඩිස් පන්දු 15කදී ලකුණු 35ක් රැස් කරගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කහ කණ්ඩායමේ පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම සහ නුවනිඳු ප්‍රනාන්දු හැර වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සීමාව ඉක්මවීමට ඉඩ නොලැබුණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ තරිඳු රත්නායක කඩුලු 4ක් දවාගත් අතර ගරුක සංකෙත් කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

ලෝක කුසලානය සඳහා අවසන් සංචිතය මැයි මස 22වැනි දිනට පෙර නිවේදනය කළ යුතු අවස්ථාවක පැවැත්වෙන මෙම තරගාවලියේ අරමුණ ජාතික කණ්ඩායමට අඩුවක්ව පැවැති ස්ථාන කිහිපයකට ක්‍රීඩකයන් තෝරා ගැනීම බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර තිබුණි. ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට මෙම තරගාවලියේ දක්ෂතා මත ක්‍රීඩකයන් කිහිපදෙනකුට එක් වීමට හැකි වනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කර ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img