Thursday, January 29, 2026
23 C
Sri Lanka

දියණිය ගැබිනියක් කළ නිසා කුලියාපිටියේ තරුණයාව මරලා.

සිය පෙම්වතියගේ නිවෙසට ඇගේ පියාගේ කැඳවීමකට අනුව පසුගිය 22 වැනිදා ගිය මොහො‍ෙත් සිට අතුරුදන්ව සිටි කුලියාපිටියේ සුසිත් ජයවංශ නමැති තරුණයාව දෑත් දෙපා බැඳ මෝටර් රථයක දමාගෙන මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ගෙල මිරිකා මරා දැමූ බව අත්අඩංගුවට ගත් පෙම්වතියගේ මාමා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කළ හෙළි කර තිබෙනවා.

තරුණයාගේ මළ සිරුර ඊයේ (07) පෙරවරුවේදී කුලියාපිටිය පොලිසිය මඟින් සොයා ගනු ලැබුවේ ඒ අනුවයි.

තරුණයා ඝාතනය වී ඒ වන විට සති දෙකකට වැඩි කාලයක් ගතවී ඇති බැවින් හඳුනා ගැනීමට නොහැකි ලෙස සිරුර නරක් වී තිබුණා.

රසිරුර තිබී ඇත්තේ ප්‍රධාන මාර්ගයේ සිට මීටර 150ක් පමණ කැලෑවට වන්නටයි.

ඝාතනය වූ තරුණයාගේ පෙම්වතියගේ පියා වන සිඟිති නමැත්තාත් සිඟිතිගේ සහෝදරියගේ සැමියා වන පෙම්වතියගේ මාමාත් වැලිමඩ කැප්පෙටිපොළින් අත්අඩංගුවට ගත් වඩු කාර්මිකයන් දෙදෙනාත් එක්ව මෙම ඝාතනය සිදු කර තිබෙනවා.

තරුණයාව පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන යෑමට මඟ කියා ඇත්තේ වැලිමඩින් අත්අඩංගුවට ගත් වඩු කාර්මිකයන් දෙදෙනා බවත් ඔවුන් දෙදෙනා කාලයක් මාදම්පේ පිහිටි වඩු මඩුවක සේවයේ නිරතව සිට ඇති බැවින් මෙම රක්ෂිතය ගැන තොරතුරු දැන සිට ඇති බවත් විමර්ශනවලින් හෙළි වී තිබුණා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img