Wednesday, January 28, 2026
16.5 C
Sri Lanka

එල්පී ගෑස් භාවිතා කිරීමෙන් ලැබෙන සෞඛ්‍ය ආරක්ෂිත වාසි.

ඈත අතීතයේ පටන්ම බහුතරයක් ගෘහණියන් ආහාර පිසීම සඳහා භාවිතා කරේ දර.නමුත් අද වන විට ලෝකය පුරාම ඉන්ධන ලෙස භාවිතා කෙරූ දර ,භූමිතල් ගල් අඟුරු වැනි ශක්ති ප්‍රභවයන් නිසා සෞඛ්‍ය ගැටලු රැසක් මතුවෙන බවට අනාවරණය වී ඇත.නමුත් එල්පී ගෑස් භාවිතා කිරීමේදී ඒවා වඩා සෞඛ්‍ය ආරක්ෂිත ශක්ති ප්‍රභවයක් වන ආකාරය පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි.ඒ පිළිබඳව කරුණු කීපයක් පහත දැක්වේ.

1.ස්වසනාබාධ අවම වීම.

අනෙකුත් ඉන්ධන ප්‍රභවයන් භාවිතා කරන බහුතරයක් දෙනා අද වන විට සෙම් රෝගී තත්ත්වයන්,ඇඳුම හතිය වැනි රෝගාබාධයන් වලට මුහුණ දී ඇති බවට පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.දර වැනි ඉන්දනයන් භාවිතා කිරීමේදී නිකුත්වන වායූන් නිසා මෙවැනි රෝගී තත්ත්වයන් ඇතිවන බවට තමයි වෛද්‍ය වාර්තා සඳහන් කරන්නේ.නමුත් එල්පී ගෑස් මගින් අනවශ්‍ය දුමක් ඇති නොවීම නිසා එය සෞඛ්‍යයට වඩාත් හිතකර වේ.

2.පිරිසිදු දහනයක් සහිත ශක්ති ප්‍රභවයක් වීම.

සාමාන්‍යයෙන් එල්පී ගෑස් දහනය වීමේදී නිල් පැහැති දැල්ලක් නිකුත් කිරීම නිසා නිසා එය පිරිසිදු දහනයක් ලෙස බහුතරයක් දෙනා හඳුන්වනවා.එහිදී එල් පී ගෑස් දහනය කිරීමේදී පරිසරයට නිකුත් වන විෂ සංඝටක අවම වන බවට පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.එම නිසාම ගෘහාශ්‍රිතව භාවිතා කිරීමට වඩා සුදුසු ඉන්ධන වර්ගයක් ලෙස එල්.පී ගෑස් හඳුන්වා දිය හැකියි.

3.අවට සිටින පුද්ගලයන්ට හිතකර වීම

දර වැනි ඉන්ධනයක් භාවිතා කරමින් ඔබ ආහාර පිසිනවා නම් නිවසේ සිටින අනෙකුත් දෙනාත් මේ අහිතකර වායුව ආඝ්‍රහණය කිරීම සිද්ධ කරනවා.එම නිසාම ඔවුනුත් නොදැනුවත්වම ස්වසන රෝගාබාධයන්ට ලක් වීමට තියෙන ඉඩකඩ වැඩියි.නමුත් ඔබ එල්පී ගෑස් භාවිතා කරනවානම් එවැනි අවදානාත්මක තත්ත්වයන් වළක්වා ගැනීමටත් හැකියි.

ඒවගේම දර වැනි ඉන්ධන භාවිතා කිරීමේදී ඒවා ලබා ගැනීමට පරිසරයටත් විශාල හානියක් සිද්ධ කරනවා.පරිසර දූෂණය වැඩිවීමත් සමඟම මිනිස්සුන්ගේ සෞඛ්‍යයටත් එය තද බල ලෙස බලපාන බවත් මතක් කළ යුතුයි.

නමුත් ඔබේ එල්පී ගෑස් භාවිතා කරන පුද්ගලයෙක් නම් ඔබගේ සෞඛ්‍ය ආරක්‍ෂාව පිළිබඳව බිය විය යුතු නැත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img