Monday, March 16, 2026
25.2 C
Sri Lanka

ශ්‍රී ලංකාවේ වීසා ගැන යූටියුබ් තරුවක් කළ හෙළිදරව්ව.

ට්‍රෙක් ට්‍රෙන්ඩි’ නමින් සංචාරක විස්තර පළ කරන ජනප්‍රිය යූටියුබ් තරුවක් වන වන විල් ඩේවිස්, ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීමේ ක්‍රමයට අදාළ දත්ත කඩ කිරීමක් ගැන අනතුරු ඇඟවීමක් කරමින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ විස්තරයක් පළ කර තිබෙනවා.

ඔහුට VFS Global වෙතින් අනෙකුත් අයදුම්කරුවන්ගේ විස්තර අඛණ්ඩව ලැබෙන බව හෙළිකර තිබීම විශේෂත්වයක්.

තමන් නාඳුනන වෙනත් වීසා අයදුම් කළ පුද්ගලයින්ගේ සම්පූර්ණ නම්, ලිපිනයන් සහ විදේශ ගමන් බලපත්‍ර විස්තර වැනි සංවේදී පුද්ගලික තොරතුරු සහිත සංචාරක වීසා අඩංගු දෛනික ඊමේල් පණිවිඩ තමා වෙත ලැබෙන බවත් ඔහු හෙළිකර තිබෙනවා.

ඔහුගේ වීසා බලපත්‍රය බොහෝ කලකට පෙර අනුමත කර ඇති එකක් බවත් මෙම දත්ත එන්නේ මෑතක සිට බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

එහිදී ඔහු ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

“ඔබට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා වීසා ගැටලුව මතක ඇති. හොඳයි, මගේ එක බොහෝ කලකට පෙර අනුමත කර ඇති එකක් ඒත්, සෑම දිනකම මට වෙනත් අයගේ සංචාරක වීසා සම්පූර්ණ නම්, ලිපිනය සහ විදේශ ගමන් බලපත්‍ර තොරතුරු සමඟ මට විද්‍යුත් තැපැල් පණිවිඩ ලැබේ. මෙය හොඳ දෙයක් වන්නේ කෙසේද? මම මේවා නැවැත්වීමට උත්සාහ කරන්නෙමි. නමුත් එය මොනතරම් විශාල දත්ත උල්ලංඝනයක්ද? ” යනුවෙන්

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img