Monday, February 2, 2026
24.9 C
Sri Lanka

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක් හාමතේ.

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසනවා.

පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇතැයිද එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය වුණා.

ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන්ට ආහාර ලබා දීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් වර්තාවක් ලබා දෙන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන්නා.

පාසල් දරුවන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රුපියල් කෝටි 1600 කට වැඩි මුදලක් වැය වන බවද එහිදී සඳහන් වුණා.

පාසල් සිසුන්ට ආහාරවේලක් ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා ආධාර ලබාදීමට කැමති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා විධිමත් ක්‍රමවේදයක් සකසන ලෙසද කමිටුව උපදෙස් දුන්නා.

මේ අතර අස්වැසුම සඳහා සුදුසුකම් ලැබූ 200,000 ට ජාතික හැඳුනුම්පත් හා ගිණුම්වල ගැටළු වැනි විවිධ හේතු මත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී ඇති බව කාරක සභාවේදී හෙළිවුණා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img