Sunday, February 1, 2026
26.1 C
Sri Lanka

උසස් පෙළ පන්ති ආරම්භ කිරීම කළ යුතු ආකාරය මෙන්න

පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සිසුන්ගේ කැමැත්ත ආ ඔවුන් පෙන්නුම් කරන සාධන මට්ටම් අනුව ඉදිරි ජුනි මස 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ප්‍රතිඵල ලැබෙන තෙක් තාවකාලික පදනම යටතේ සිසුන් උසස් පෙළ හැදෑරීමට අපේක්ෂිත විෂය ධාරා අනුව පන්ති ආරම්භ කළ යුතුයි.

සාමාන්‍ය පෙළට සිසුන් පෙනී සිටි පාසලේ උසස් පෙළ පන්ති තිබේනම් එම පාසලේම එම සිසුන්ට පන්ති ආරම්භ කර තාවකාලිකව සිසුන් එම පන්තිවලට යොමු කළ යුතු වනවා..

එසේ නොවන හෝ සිසුන් හැදෑරීමට අපේක්ෂිත විෂය ධාරා නොමැති පාසල්වල සිසුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ යෝජිත පාසල් පොකුරු තුළ තිබෙන සුදුසු පාසල්වලට තාවකාලිකව අනුයුක්ත කළ යුතුය.ඒ සඳහා හිටපු පාසලෙන් ශිෂ්‍ය කාර්ය දර්ශකය (අස්වීම් සහතිකය)අවශ්‍ය නොවේ.

මෙලෙස තාවකාලිකව ආරම්භ කරන උසස් පෙළ පන්තිවල 12 ශ්‍රේණියට අදාල විෂය නිර්දේශ ඉගැන්විය යුතු බවත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත්වූ පසු විධිමත්ව එම පන්ති විධිමත්ව ආරම්භ කිරීමට විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img