Friday, January 30, 2026
19.6 C
Sri Lanka

ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයන් 4ක් ඉන්දියාවේදි කොටුවෙයි.

ඉන්දියාවේ ගුජරාට් ත්‍රස්ත විරෝධී කණ්ඩායම (ATS) අහමදාබාද්හි සර්දාර් වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ISIS ත්‍රස්තවාදී සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් බවයි ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරන්නේ.

ගුජරාට් ATS විසින් සැකකරුවන් දැඩි ලෙස ප්‍රශ්න කිරීම සඳහා හෙළි නොකළ ස්ථානයකට ගෙන ගොස් ඇති බවත් TV9 ගුජරාටි වාර්තා කරනවා.

ඔවුන් අහමදාබාද් ගුවන් තොටුපළේ සිටීම පිටුපස ඇති නිශ්චිත චේතනාව සහ අභිප්‍රාය පැහැදිලි නොවන බවයි වාර්තා වෙන්නේ.

කෙසේ නමුත් මෙම සිදුවීමෙන් පසු ගුවන් තොටුපල පුරා ආරක්ෂාව තර කර ඇතැයිද ඉන්දියන් මාධ්‍ය වාර්තා කරනවා.

IPL කණ්ඩායම් තුනක් සුදුසුකම් ලැබීමේ සහ ඉවත් කිරීමේ තරඟ සඳහා අහමදාබාද් ගුවන් තොටුපළට පැමිණීමට පෙර මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරන්නේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img