Friday, January 30, 2026
19.6 C
Sri Lanka

ඉරාන ජනාධිපතිගේ අනතුර ගැන විමර්ශන වාර්තාව මෙන්න.

ඉරාන ජනාධිපති රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට පත්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වුණු අතර, එම විමර්ශනයට අදාල විමර්ශන වාර්තාව එළිදැක්වුණා.

හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළේ ඉරාන සන්නද්ධ හමුදාවය. ඉරාන ජනාධිපතිවරයා, විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස මියගියේ ඔවුන් රැගෙන අසර්බයිජානයේ සිට යළි ඉරානයට පියාසර කරමින් තිබුණු හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙනි.

හෙලිකොප්ටරය අසර්බයිජානයේ සිට ඉරානයට පියාසර කරන්න වූයේ තවත් හෙලිකොප්ටර් දෙකක් ද පිරිවරා ගනිමිනි. අනෙක් හෙලිකොප්ටර් යානා දෙකට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර අනතුර සිදුවූයේ ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටි හෙලිකොප්ටරයයි.

විමර්ශන වාර්තාව හරහා ඉරාන සන්නද්ධ හමුදාව, පෙන්වා දී ඇත්තේ, ජනාධිපති රයිසි ඇතුළු පිරිස ගමන් කළ ‘බෙල්’ වර්ගයේ හෙලිකොප්ටර් යානය ගිනිගෙන කඳුකර ප්‍රදේශයට කඩා වැටුණු බවයි.

එම අවස්ථාවේ, ඝන මීදුම් තත්ත්වයක් ද පැවැතිණි. හෙලිකොප්ටරය කිසිම අවස්ථාවක නියමිත ගමන් මාර්ගය වෙනස් නොකළ බවත්, ඊට වෙඩි ප්‍රහාරයක් හෝ මිසයිල ප්‍රහායක් හෝ එල්ල නොවුණු බවත් ඉරාන සන්නද්ධ හමුදාව තහවුරු කර තිබෙනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img