Thursday, January 29, 2026
26 C
Sri Lanka

ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල ශක්තියක් වන ලිට්රෝ ගෑස් සමාගම.

ඕනෑම රට ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයට විශාල ශක්තියක් සහ සහයෝගයක් ලබාදෙන්නේ නිෂ්පාදන සහ කර්මාන්ත කියන අංශ දෙක.මේ අංශ දෙකේ කාර්යක්ෂමතාවය ඇණ හිටියොත් අනිවාර්යෙන්ම ඒක රටේ ආර්ථිකයට විශාල වශයෙන් බලපානවා.

ඉතින් පසුගිය කාල සීමාවේදී ලංකාවේ අපිටත් ආර්ථික උද්ධමනය කියන ගැටළුවට තදින් මුහුණ දෙන්න සිදු වුණා.ඒ අතරින් රාජ්‍ය ආයතන පවා කඩා වැටුණු වකවානුවක ස්ථීර ප්‍රතිපත්තියක් යටතේ පාරිභෝගිකයන් සුරකිමින් ඒ වගේම කර්මාන්තකරුවන් නිෂ්පාදකයන් දිරිමත් කරමින් තම සේවාව ලබා දුන් ආයතනයක් ලෙස ලිට්රෝ සමාගම හඳුන්වන්න පුළුවන්.ඇත්තටම එතෙක් මෙතෙක් කාලය තුළ ලිට්රෝ  සමාගම ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල ශක්තියක් වුණා. ඉතින් ඒ පිළිබඳව දැනුවත් කරන්න තමයි මේ සූදානම.

කර්මාන්ත සහ නිෂ්පාදන ආයතනවල නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම

ඇඟලුම් කර්මාන්තය,යකඩ,හෝටල් සහ ආපනශාලා වැනි විවිධ ක්ෂේත්‍රයන්වල ව්‍යාපාර පවත්වා ගැනීම සඳහා විශාල වශයෙන් අවශ්‍ය කරන ඉන්ධනයක් තමයි ගෑස් කියන්නේ.ඉතින් මේ ගෑස් සැපයුම නිසියාකාරයෙන් සිදු නොවුනහොත් මේ සියලුම ආයතනවල ක්‍රියාකාරිත්වයන් ඇණ හිටිනවා.නමුත් සැම විටම ලිට්රෝ  සමාගම ව්‍යාපාර සහ නිෂ්පාදන ආයතන වලට අවශ්‍ය කරන ගෑස් තොග අවශ්‍ය ප්‍රමාණයෙන්ම ආනයනය කිරීමට නිසි ආකාරයෙන් පියවර ගැනීම සිදුකරයි.එකී ක්‍රියාවලිය හේතුවෙන් නිෂ්පාදන සහ කර්මාන්ත අංශයෙන් අතිවිශාල ආර්ථිකමය ලාභයක් එකතු කර ගැනීමට හැකියාව ලැබේ.

සෘජු සහ වක්‍ර රැකියා රැසක් ලබා දීම

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක මූලික වශයෙන්ම රැකියාවක් හොයාගන්නවා කියන්නේ කළුනික හොයනවා වගේ අමාරු වැඩක්.ඉතින් උගත් බුද්ධිමත් ඒ වගේ මේ සඳහා සුදුසුකම් සැපිරූ තරුණ ප්‍රජාවට ලිට්රෝ සමාගම  තමන්ගේ ආයතනය විවෘත කළා.ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ දැනුමට සහ අත්දැකීම් වලට ගැලපෙන ආකාරයේ තනතුරු ලබාදෙන්නත් ඔවුන් අමතක කළේ නැහැ.ඊට අමතරව ගෑස් ප්‍රවාහනය ,ගෑස් ඇසිරීම, ගබඩා කිරීම වැනි ක්‍රියාවලින් සඳහාත් සේවකයන් විශාල ප්‍රමාණයක් බඳවා ගැනීම තුළින් වක්‍ර රැකියා රැසක් ලබාදීමටත් ලිට්රෝ සමාගම සමත් වුණා.එම නිසාම ශ්‍රී ලංකා ආර්ථිකය තුළ විරැකියාව දුරලීම සඳහා යම්කිසි සේවයක් කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණු බවත් සිහිපත් කළ යුතුමයි.

දැරිය හැකි පහසු මිල ගණන් යටතේ නිෂ්පාදිත අලෙවි කිරීම.

ආර්ථිකයක ප්‍රධානම ජන කොට්ඨාසයක් තමයි පාරිභෝගිකයන්  කියන්නේ.පාරිභෝගිකයන්ගේ දෛනික ආදායමට ගැළපෙන ආකාරයෙන් තමයි රටක ආර්ථිකයක භාණ්ඩ හා සේවා හුවමාරු විය යුත්තේ.එම නිසාම ලිට්රෝ  ආයතනය ජාත්‍යන්තර වෙළඳපළේ  ගෑස් සිලින්ඩරයක මිල කෙතරම් ඉහළ ගියත් අත්තනෝමතික ලෙස මිල වැඩි නොකර ජනතාවට ගැලපෙන පහසු ආකාරයෙ මිලක් නියම කිරීමට නිරන්තරයෙන්ම උත්සුක වුවා.එකී වාසි සහගත තත්ත්වය නිසාම සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ගෘහණියන්ට ඒවගේම ස්වයං ව්‍යාපාරවල නිරත පුද්ගලයන්ට එය විශාල සහයෝගයක් වූ බවත් මතක් කළ යුතුමයි.

ලාභාංශ වලින් කොටසක් රජයේ භාණ්ඩාගාරය වෙත ලබාදීම.

පසුගිය කාල වකවානුව තුළදී දරුණු ආර්ථිකමය ගැටලු ප්‍රශ්න හමුවේ උනත් ලිට්රෝ සමාගම ආයතනයක් ලෙස ඉහළ ලාභයක් ඉපයීමට සමත් වූ අතර ඉන් මිලියන 3000ක  කොටසක් රජයේ භාණ්ඩාගාරය වෙත ලබාදීමටත් කටයුතු කළා.

ඉතින් ඉහත සඳහන් කළ කරුණුවලට අනුව රටක් දියුණුව සහ සංවර්ධනය කරා යන ගමන් මගක මෙවැනි ලාභ ලබන රාජ්‍ය ආයතන තව තවත් දියුණු වෙමින් ඉදිරියට යා යුතුමයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img