Saturday, March 14, 2026
21.6 C
Sri Lanka

අනියම් සම්බන්ධතා නිසා සිදුවන පවුල් ආරවුල් සංඛ්‍යාව ඉහලට යයි.

අනියම් සම්බන්ධතා නිසා සිදුවන පවුල් ආරවුල් සම්බන්ද පැමිණිලි 9636ක් ඉකුත් වර්ෂයේදී (2022) වාර්තා වී ඇති බැව් ශ්‍රි ලංකා පොලිසිය විසින් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති සිය වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ සදහන් වෙනවා.

2021 වර්ෂයේ දි අනියම් සම්බන්දතා නිසා ආරවුල් 9250ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේදී අනියම් සම්බන්දතා නිසා සිදුවන පවුල් ආරවුල් සංඛ්‍යාව 4%කින් ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම 2022 වර්ෂයේදී පවුල් ආරවුල් සම්බන්ධයෙන් විවිධ පැමිණිලි 111709ක් වාර්තා වී තිබෙනවා.

එය 2021 වර්ෂයට සාපේක්ෂව 06%ක ඉහල යාමක් බැව් මෙකි වාර්තාවේ සදහන්.

2021 වර්ෂයේ දි පවුල් ආරවුල් සම්බන්ධයෙන් විවිධ පැමිණිලි 105469ක් වාර්තා වි තිබුණා.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වන පවුල් ආරවුල් සම්බන්ධයෙන් වන පැමිණිලිද 2021 හා 2022 යන වර්ෂ දෙක තුලම ඉහළ ගොස් තිබෙනවා.

2022 වර්ෂයේ දී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වන පවුල් ආරවුල් සම්බන්ධයෙන් පැමිණිලි 22358ක් වාර්තා වි ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img