Saturday, March 14, 2026
21.1 C
Sri Lanka

බාල බෙහෙත් කියා දෙයක් නැහැ – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කියයි.

බාල ඖෂධ මෙරටට නොගෙනෙන බවත්, මෙරටට අවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය හරහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙරටට ගෙන එන බවත්, බාල බෙහෙත් කියා දෙයක් ලෝකයේ කොහේවත් නිපදවන්නේ නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.බාල ඖෂධ භාවිතයට කිසිවෙකු කැමති නොවන බවත්, තත්ත්වයෙන් උසස් ඖෂධ පමණක් භාවිතයට ජනතාව කැමති බව පෙන්වා දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතැම් අවස්ථාවන්හිදී මෙරටට ගෙන එන සමහර ඖෂධවල තත්ත්වය අසමත් වීමේ හැකියාවක් පවතින බවත් පැවසීය.

එසේම ඇතැම් පිරිස් සිදුකරන ප්‍රචාර නිසා ජනතාව කිසියම් අනිසි බියකට පත්වුවත් දෛනිකව රෝගීන් ලක්ෂ ගණනකට ඖෂධ ලබාදෙන බවත්, දෛනිකව දහස් ගණනකට ශල්‍යකර්ම සිදු කරන බවත්, දෛනිකව ලක්ෂ ගණනින් සුවපත් වන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.මෙරටට ගෙන එන සියලුම ඖෂධවල තත්ත්වය පරීක්ෂාවට ලක් කරන අතර එම නිසාවෙන් තත්වයෙන් අසමත් ඖෂධ හඳුනා ගැනීමට ද එමගින් හැකිවන බවද ඒ මහතා පැවසීය.කිසිදු චකිතයකින් බියකින් තොරව රජයේ රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට ජනතාව පැමිණෙන ලෙසටත් අවශ්‍ය ප්‍රතිකාර කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවටත් ඒ මහතා අවධාරණය කළේය.සෑම විටම සත්‍ය දෑ ප්‍රකාශ කරන ලෙසත් අඩුපාඩුවක් ඇත්නම් ඒ පෙන්වා දෙන ලෙසත් කරුණු අතිශයෝක්තියෙන් ඉදිරිපත් නොකරන ලෙසටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ඉල්ලා සිටියේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img