Wednesday, January 28, 2026
15.8 C
Sri Lanka

නව උපාධිධාරීන් 5,450ක් ගුරු සේවයට.

උපාධිධාරීන් 5,450ක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි හා විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා සඳහා පළාත් නමයට අදාළ ව මෙම ගුරුවරුන් බඳවා ගැනෙන අතර පළාත් මගින් එම බඳවාගැනීම් ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවත් ජාතික පාසල් සඳහා ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් බඳවාගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර තිබෙනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින්.

මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ඉදිරියේ දී සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ යෝජනාව ද සංකල්ප පත්‍රිකාවක් වශයෙන් ඉදිරිපත් කර ඇති බවයි.

තවද 2024 වර්ෂයේදීත් පාසල් නිල ඇඳුම් හා පෙළපොත් නියමිත දිනයන්හි දී සිසුන් අත‍ට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img