Friday, January 30, 2026
23.1 C
Sri Lanka

බර අඩු දරුවන් වෙනුවෙන් සුබ ආරංචියක්..

වසරකට අධික කාලයකට පසු මාස හයේ සිට අවුරුදු තුන දක්වා දරුවන්ට ත්‍රිපෝෂ නිකුත් කිරීමට ලබන මස සිට නැවතත් ආරම්භ කිරීමට හැකියාවක් ඇති බවට අනාවරණය වේ.

මාස හයේ සිට අවුරුදු තුන දක්වා දරුවන්ට වසරකට අධික කාලයක සිට ත්‍රිපෝෂ නිෂ්පාදනය නතර කිරීමට සිදුව ඇත්තේ ඒවායේ අඩංගු විය යුතු නියමිත ඇෆ්ලටොක්සිකෝසිස් ප්‍රමාණය සම්බන්ධ ගැටලුවක් නිසා බව ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පැවැසීය.

ආහාර පනත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බඩඉරිඟුවල තිබිය යුතු නියමිත ඇෆ්ලටොක්සිකෝසිස් ප්‍රමාණය අතර පවතින පරස්පරතාව සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙතෙක් නොහැකි වූ බවද සභාපතිවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තවත් නිලධාරීන් කිහිප දෙනකුගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් මෙම ගැටලුව විසඳා ගැනීමට නොහැකිව දිග් ගැස්සී ඇති බවද පැවසේ.

වසරකට අධික කාලයක් කුඩා දරුවන්ට ත්‍රිපෝෂ නිකුත් කිරීමට නොහැකි වූයේ කිසිදු හිඟයක් නිසා නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම කඹ ඇදිල්ල නිසා බවද සභාපතිවරයා පවසයි.

එහෙත් මේ සම්බන්ධයෙන් දිගු කාලයක සිට පැවතුණු සාකච්ඡා මේ වන විට සාර්ථක මට්ටමේ පවතින බවත් එහි අවසන් තීරණය මෙම මස අවසානයේ දී ලැබෙනු ඇති බවත් සභාපතිවරයා අවධාරණය කරයි.

ඒ අනුව මාස හයේ සිට අවුරුදු තුන දක්වා දරුවන්ට මසකට අවශ්‍ය ත්‍රිපෝෂ පැකට් තුන් ලක්ෂ පනස්දහස ලබන මස සිට බොහෝ දුරට ලබා දීම සඳහා නිෂ්පාදන කටයුතු ආරම්භ කළ හැකි බවද හෙතෙම කීවේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img