Saturday, January 31, 2026
24.7 C
Sri Lanka

කොන්දොස්තර නැති බස්වලිනුත් දහස් ගණන් මාටියා ගහලා අතටම අහු වෙයි.

කොන්දොස්තරවරුන් නොමැතිව අධිවේගී මාර්ගයේ ධාවනය කළ බස් රථයකින් දිනකට රුපියල් දාහත්දහස් පන්සීයක් (රු. 17,500ක්) සොරකම් කිරීමේ ජාවාරමක් අල්ලාගනු ලැබූ බව ප්‍රවාහන ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දේශයට පැවසීය.

මෙලෙස අල්ලාගනු ලැබුවේ ඇඹිලිපිටිය සිට අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුර බලා ධාවනය වන බස් රථ දෙකකි. එම බස් රථවලට මගීන් නංවාගෙන ටිකට්පත් නිකුත් කර අධිවේගී මාර්ග පිවිසුම තෙක් කොන්දොස්තර පැමිණ එතැනදී මුදල් සහ ටිකට් පොත් භාරදී ඔහු සේවය නිම කරයි. එහෙත් මෙම වංචාව සිදුකර ඇත්තේ එලෙස ටිකට්පත් නිකුත් කිරීමේදී ලංගම ටිකට්පත් වෙනුවට හොර ටිකට් පොතකින් ව්‍යාජ ටිකට්පත් නිකුත් කර එම මුදල් සොරකම් කිරීම මගිනි. මෙලෙසෙ අල්ලාගනු ලැබූ ඇඹිලිපිටිය මාකුඹුර බස් රථයක මගීන් 24 දෙනකු ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් 17 දෙනකුට හොර ටිකට්පත් නිකුත් කර ගසාකන ලද මුදල රු. 17595/- ක් බව අමාත්‍ය ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙලෙස අල්ලාගනු ලැබූ කොන්දොස්තරවරුන්ගේ වැඩ තහනම් කර හොර ටිකට් ජාවාරම ගැන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී දැඩි නීතිමය ක්‍රියාමාර්ගයක් ගනිමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img