Tuesday, May 5, 2026
24.8 C
Sri Lanka

ඉක්මණට පලාත් සභා ඡන්දය තියන්න – ඉන්දියාව ලංකාවට කියයි.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය බෙදීම සඳහා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි.

ඉන්දීය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් සහ මෙරට දේශපාලන පක්‍ෂ නායකයන් අතර ඉකුත් 23 වැනිදා බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති හමුවේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ අමතමින් මේ බව සඳහන් කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 කට අධික පිරිසක් සහභාගිවී ඇත.

ඉන්දියාව සිය අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය මත කටයුතු කරන බවත් දෙරට අතර සෞභාග්‍යමත් අනාගතයක් උදෙසා සමුද්‍රීය, ගුවන්, බලශක්ති, වෙළෙඳ ආයෝජන සහ ඩිජිටල් වැනි ක්‍ෂේත්‍රවල සම්බන්ධතා අතිශය වැදගත් බවත් මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත. ශ්‍රී ලංකාව තුළ බහු වාර්ගික, බහු භාෂාමය සහ බහු ආගමික අනන්‍යතාවය සුරැකීම සඳහා ඉන්දියාවේ සහයෝගය ලබාදෙන බවද පවසා තිබේ.

එසේම ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාවය, යුක්තිය සහ ආත්ම ගරුත්වය උදෙසා දමිළ ජනතාවගේ අභිලාෂයන් ආමන්ත්‍රණය කරන සංහිඳියා ක්‍රියාදාමයක් අපේක්‍ෂා කරන බවද ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img