Saturday, September 28, 2024
29.6 C
Sri Lanka

ඉක්මණට පලාත් සභා ඡන්දය තියන්න – ඉන්දියාව ලංකාවට කියයි.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය බෙදීම සඳහා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි.

ඉන්දීය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් සහ මෙරට දේශපාලන පක්‍ෂ නායකයන් අතර ඉකුත් 23 වැනිදා බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති හමුවේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ අමතමින් මේ බව සඳහන් කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 කට අධික පිරිසක් සහභාගිවී ඇත.

ඉන්දියාව සිය අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය මත කටයුතු කරන බවත් දෙරට අතර සෞභාග්‍යමත් අනාගතයක් උදෙසා සමුද්‍රීය, ගුවන්, බලශක්ති, වෙළෙඳ ආයෝජන සහ ඩිජිටල් වැනි ක්‍ෂේත්‍රවල සම්බන්ධතා අතිශය වැදගත් බවත් මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත. ශ්‍රී ලංකාව තුළ බහු වාර්ගික, බහු භාෂාමය සහ බහු ආගමික අනන්‍යතාවය සුරැකීම සඳහා ඉන්දියාවේ සහයෝගය ලබාදෙන බවද පවසා තිබේ.

එසේම ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාවය, යුක්තිය සහ ආත්ම ගරුත්වය උදෙසා දමිළ ජනතාවගේ අභිලාෂයන් ආමන්ත්‍රණය කරන සංහිඳියා ක්‍රියාදාමයක් අපේක්‍ෂා කරන බවද ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img