Tuesday, May 5, 2026
24 C
Sri Lanka

හෘද්‍යාබාධවලට ලක්ව මිය යන්නේ කොරෝනා එන්නත ගත් අයද..?

හෘදයාබාධ හේතුවෙන් වර්ථමානයේ මියයන පුද්ගලයන්ගෙන් බහුතරයක් කොරෝනා එන්නත් ලබාගත් අය බව පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව වෛද්‍යවරුන් පවසනවා.

මෙරට ඖෂධ සහ විවිධ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් සෙවීමට පත් කරන කමිටු රැසක සාමාජිකත්වය දරා ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද නියෝජනය කරන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ එම එන්නත් ලබාගත් පුද්ගලයන්ට විවිධ සංකූලතා ඇතිවීමේ ඉඩකඩ ඉතාම අවම බවයි.

වර්ථමානයේ හෘද්‍යාබාධ ඇතුළු විවිධ රෝගවලට ලක්වන්නේ එම එන්නත් ලබානොගත් අය බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙරට පවතින එන්නත්වලට විරුද්ධ පිරිසක් සංවිධානාත්මකව මෙලෙස අසත්‍ය ප්‍රචාර සිදුකරන බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ.

මේ අතර දුම්පානය, ආහාර රටාව, ව්‍යායාම අඩුකම හා ආතතිය හෘද රෝග සඳහා ප්‍රධාන වශයෙන් බලපාන බව කළුතර මහ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ නෙත් නිවුස් කළ විමසීමකදී ඉකුත්දා ප්‍රකාශ කළා.

දැනට පාසැල් වයසේ පසුවන දරුවන් පවා ආතතිය හේතුවෙන් අඩු වයසින් හෘදයාබාධවලට ලක්වීමේ අවදානමක් පවතින බවයි ඔහු සදහන් කළේ.

ශාරීරික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමුකර කටයුතු කිරීමෙන් අඩු වයසින් හෘදයාබාධ තත්ත්වයන්ට මුහුණදීමේ අවදානම මගහරවා ගත හැකි බවයි කළුතර මහ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Source – Neth News

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img