Saturday, March 14, 2026
28.2 C
Sri Lanka

හංවැල්ලේ පාලම යටින් හමුවූ මිලියන 30 වස්තුව, නාවික හමුදාව විසින් ගොඩගනියි.

හංවැල්ල පාලම යට සිරවි තිබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මිල අධික ජල මාපකයක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

එය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැළණි ගඟේ ජල මට්ටම, වේගය සහ දිශාව වැනි දත්ත රැස් කිරීම සඳහා හංවැල්ල පාලම යට ජලයේ මතුපිට තබන ලබන ජල මාපකයෙහි GPS යන්ත්‍රයක් බවයි පැවසෙන්නේ.

ජලය සමග ගසාගෙන පැමිණි එය උණ පඳුරු සහ කැලිකසල තුළ පැටලී ප්‍රධාන යන්ත්‍ර‍යෙන් ගැලවී ගොස් ඇති අතර එම GPS යන්ත්‍රය සොයා ගැනීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය ලබා දෙන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නාවික හමුදාවෙන් ඉල්ලීමක්ද කර තිබුණා.

ඒ අනුව නාවික හමුදාව, බටහිර නාවික විධානයට අයත් විශේෂ කිමිදුම් කණ්ඩායමක් පසුගිය ජුනි 4 වැනි දින අළුයම කිමිදුම් සහය ලබා දීම සඳහා හංවැල්ල ප්‍රදේශයට යොමු කර ඇති අතර ඒ අනුව පවත්නා අධික වර්ශාව හමුවේ කැළණි ගඟේ ජලය පිටාර මට්ටමට පැමිණ ඇති අවධානම හමුවේ වුවද නාවික හමුදා කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරමින් කැලි කසළ තුල සිරවී තිබූ මෙම යන්ත්‍රය සොයාගෙන තිබෙනවා.

සොයාගත් යන්ත්‍රය පසුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් බවයි නාවික හමුදාව පැවසුවේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img