Friday, March 13, 2026
20.7 C
Sri Lanka

ලංකාවට දුන් තණතීරුව ප්‍රමිතියෙන් තොර බව පිළිගනී.

ඉකුත් දා ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය පැවැති නිව් යෝර්ක් හි ආන්දෝලනාත්මක නසාව් (Nassau) ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙතෙක් භාවිතා කර ඇති තණතීරු දෙක ම ප්‍රමිතියෙන් තොර බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිළිගෙන තිබෙනවා.

ඒ අනුව එම ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතව ඇති ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සඳහා “පිළියමක්” යෙදීමට උත්සාහ කරන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.

ඉකුත් දා ඉන්දියාව සහ අයර්ලන්තය අතර තරගය ද එම ක්‍රීඩාංගණයේ අතිශය දුෂ්කර කඩුල්ලක් මත ක්‍රීඩා කිරීමෙන් දිනකට පසු ඊයේ (06) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය් මේ පිළිබඳව සඳහන් කළේ, නසාවු ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙතෙක් භාවිතා කළ තණතීරු අපට අවශ්‍ය තරම් ප්‍රමිතියක් පෙන්නුම් කර නැති බවයි.

“ඊයේ තරඟය අවසන් වූ මොහොතේ සිට මෙම තත්වයට පිළියම් යෙදීමට සහ ඉතිරි තරග සඳහා හොඳ ම තණතීරු ලබා දීමට වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටී.” යනුවෙන්.

මාස පහක කාලයක් තුළ උද්‍යාන භූමියක සකසා ගෙනැවිත් සවි කරන ලද මෙම තණතීරු මත මුලින් ම ජාත්‍යන්තර තරගයක දී පන්දුවට පහර දුන් කණ්ඩායම වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම වන අතර එහි දී ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා ලකුණු 77කට දැවී ගියා.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ද එම ඉලක්කය පසු කර ගියේ කඩුලු 4ක් දැවී යමින්.

අනතුරුව පැවැති ඉන්දියා – අයර්ලන්ත තරගයේ දී ද මෙම තණතීරුවේ හැසිරීම දුර්වල ස්වභාවයක් පෙන්නුම් කළ අතර එහි දී මුලින් ම පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම ලකුණු 96කට සියලු දෙනා දැවී ගියා.

එහි දී ද පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ජය ලැබුවද තණතීරුවේ වන ආන්දෝලනාත්මක හැසිරීම හේතුවෙන් ඉන්දීය නායක රෝහිත් ෂර්මා සහ රිෂාබ් පාන්ට්ගේ ශරීරයේ පන්දුව වදිනු ලැබූ අවස්ථා වාර්තා වුණා.

මේ අතර ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා විසින් එල්ල කරන ලද පන්දුවක් අයර්ලන්ත ක්‍රීඩක හැරී ටෙක්ටර්ගේ ඇඟිල්ලේ ද වැදුණු අවස්ථාවක් තරගයේ දී වාර්තා වුණා.

ඉන්දියා-අයර්ලන්ත තරඟයෙන් පසුව, එම තණතීරුව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන් දැඩි විවේචනයට ලක් වූ අතර, ESPNcricinfo හි Timeout වැඩසටහනේ ප්‍රවීණයෙකු වන හිටපු සිම්බාබ්වේ ක්‍රීඩක ඇන්ඩි ෆ්ලවර් (Andy Flower) පැවසුවේ එය “භයානක මායිමක්” බවයි.

කෙසේ නමුත් මෙම ක්‍රීඩාංගණයේ තණතීරු අංක 2 සහ 3 තවමත් ක්‍රීඩා සඳහා භාවිතා කර නොමැති අතර, එහි මතුපිටින් එකක තණකොළ කපා දමා ඇති බව නිරීක්ෂණය වී ඇති බව ESPNcricinfo වාර්තා කරනවා.

මේ අතර එළඹෙන ජුනි 09 වැනි දා ලොවක් බලා සිටින ඉන්දු පාකිස්ථාන තරගය එම ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිත අතර, එම තරගය හැරුණු කොට තවත් තරග 05ක් එම ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතයි

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img