Saturday, March 14, 2026
25.2 C
Sri Lanka

වාහන බලපත්‍රය නිසා සජබ බෙදිලා.

තීරු බදු රහිතව වාහන බලපත්‍රය ලබා ගැනීමට සමගි ජන බලවේගයේ ඇතැම් නායකයින් මන්ත්‍රීවරුන් දිරිමත් කරද්දි තවත් නායකයින් එය ලබා නොගන්නා ලෙසට බල කිරීම හේතුවෙන් එම පක්ෂය තුල දැඩි මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වෙනවා.

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක එම වාහන බලපත්‍රය ලබාගතහොත් සමගි ජන බලවේගයේ ඡන්ද පදනමට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයිද ඒ හේතුවෙන් වාහන බලපත්‍රය ලබා නොගන්නා ලෙසට මන්ත්‍රීවරුන්ට බලපෑම් කරනු ලබන නායකයින් පෙන්වා දෙන බවත් සඳහන්.

තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැනීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාකාච්ඡා කෙරුණු අවස්ථාවේදීද රටේ ආර්ථික ප්‍රශ්ණය උග්‍රවී ඇති මේ මොහොතේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබාදීමට විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ එක් නායකයෙකු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කරන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දෙමින් කටයුතු කරන බවත් මේ හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ මේ සම්බන්දව දැඩි මතභේදාත්මක තත්ත්වක් නිර්මාණය වෙමින් පවතින බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img