Friday, December 5, 2025
20.1 C
Sri Lanka

හැඩකාරීව සදහටම නිහඬ කෙරූ අනපේක්ෂිත විදුලි සැරය.

රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ දැරූ 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල තුම්බෝවිල දූව වත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නිශානි පියුමිකා වැන්රෝවන් නැමැති සිසුවියක්.

මියගිය සිසුවිය සහ ඇගේ වයස අවුරුදු 6ක නැගණිය මිත්තණියගේ රැකවරණය යටතේ පසුව ඇති අතර ඊයේ (11) සිය නැගණිය පාසල් යාමෙන් අනතුරු නිවසේ රැඳි සිටි අදාල සිසුවිය සති දෙක තුනක පමණ කාලයක සිට අක්‍රීය තත්ත්වයේ තිබූ රෙදි මැසීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට සඳහා උත්සාහ දරා තිබෙනවා.

එම අවස්තාවේදි රෝගී තත්ත්වයේ පසු වූ මිත්තනිය යාබද කාමරයේ නින්දේ පසුවී ඇති අතර සිසුවිය රෙදි මැසීමේ යන්ත්‍රයේ මෝටරය හා වයරය සම්බන්ධ විදුලි පේනුව රෙදි මැසීමේ යන්ත්‍රය තබා තිබෙන කාමරයේ බිත්තියට සවිකර තිබෙන කෙවෙනියට සම්බන්ධ කිරීමට උත්සාහ කලද එය හතරැස් කෙවෙනියක් බැවින් ඊට සම්බන්ධ කිරීමට නොහැකි වූ තැන ඇය විසින් වයර් කෝඩ් එකක් රැගෙන රෙදි මැසීමේ යන්ත්‍රයේ මෝටරය හා සම්බන්ධ විදුලි පේනුව සම්බන්ධ කර විදුලිය ගැනීමට උත්සාය කළද එයද අසාර්ථක වී තිබූ බව පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී තිබෙනවා.

පසුව සිසුවිය විසින් රෙදි මැසීමේ යන්ත්‍රයේ මෝටරය හා වයරය සම්බන්ධ පේනුව කොටස කපා ඉවත් කර එමගින් අනාරක්ෂිත අයුරින් පාදා ගත් වයර් කොටස් දෙක අතරැස් කෙවනිය තුළට ඇතුළු කර විදුලිය ගැනීමට උත්සාය දාර ඇති අතර එහිදි අදාල සිදුවිය විදුලි සැර වැදී තිබෙනවා.

සිසුවියට විදුලි සැර වැදීමත් සමගම ඇය මහා හයියෙන් ” අයියෝ ” යනුවෙන් කෑ ගසා ඇති අතර එම ශබ්දය ඉදිරිපිට නිවසේ අසල්වාසී කාන්තාවකට ඇසී නිවස තුළට පැමිණ සිදුකළ පරික්ෂාවේදී සිසුවිය කාමරයේ රෙදි මැසිමේ යන්ත්‍රය අසල උඩුපිළි අතට වැටී සිටින අයුරු දැක තිබූ බවයි පොලිසිය පවසන්නේ.

එසැනින් වහා ක්‍රියාත්මක වූ එම කාන්තාව යාබද කාමරයේ සිටි මිත්තනියට එම ස්ථානයට නොයන ලෙස පවසා ඒ ආසන්නයේ පුද්ගලික ආයතනයක හිමිකරුට දැනුම් දීමෙන් අනතුරුව එම අය පිරිසක් සමග පැමිණ නිවසේ විදුලිය විසන්ධි කර සිසුවිය පිළියන්දල දිසා රෝහල වෙත කඩිනමින් රැගෙන ගොස් තිබූ අතර ඒ වන විටත් ඇය මියගොස් සිට ඇතැයි වෛද්‍යවරු පරික්ෂා කර දැනුම් දී තිබූ බවත් පොලිසිය පවසනවා.

මියගිය සිසුවියගේ පියා මැලේසියාවේ හෝටලයක සේවය කරමින් සිටියදී 2023 වසරේ දෙසැම්බර් පළමුවැනි දින අභිරහස් ලෙස මියගොස් තිබූ අතර ඔහුගේ දේහය 2024 ජනවාරි 01 වෙනි දින මෙරටට එවීමෙන් අනතුරුව ඒ වන විට විදේශගතව සිටි මවද මෙරටට පැමිණ අවමංගල කටයුතු නිමවීමෙන් අනතුරුව යළි සෞදි අරාබියේ රැකියාව සඳහා මීට මාස කිහිපයකට ඉහතදී පිටත්ව ගොස් තිබූ බවත් පොලීසිය පවසනවා.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img