Friday, December 5, 2025
20.1 C
Sri Lanka

දැන් බෙහෙත් හිඟය අවසන් ද.? කාටද මේ බොරු කරන්නේ.?

හියුමන් ඉමියුනෝ ග්ලොබින් කියන්නේ මිනිස් රුධිරය යොදාගෙන නිෂ්පාදනය කරන බෙහෙතක්. මේ බෙහෙත වැඩිපුරම දෙන්නේ ස්නායු ආබාධ ඇති රෝගීන්ට.ප්‍රශ්න මතු වුණේ එන්නත් ලෙස ගෙන්වපු හියුමන් ඉමියුකෝ ග්ලෝබින් තොගයක.මේ ඖෂධය භාවිතා කරපු රෝහල් කිහිපයක රෝගීන් ආසාත්මිකතාවලට ගොදුර වුණා. පසුව කළ පරීක්ෂණවලදී අනාවරණය වුණේ මේ ඖෂධය නියමිත ප්‍රමිතියට නොමැති බවයි.

අපේ රටේ ඖෂධ හා වෛද්‍ය නියාමන බලය තියෙන එකම ආයතනය ඖෂධ නියාමන අධිකාරියයි.මේ ප්‍රශ්නයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රතිචාරය වූවේ මේ ඖෂධ වලට ලියාපදිංචිය හෝ ලියාපදිංචිය අතහැරීමේ අවසර පත්‍රයක් නොමැති බවයි.නමුත් තවත් පිරිසක් කියා සිටියේ ලියාපදිංචිය අතහැරීමේ අවසර පත්‍රයක් ලබාගෙන ඇති බවයි. ලියාපදිංචිය අත්හැරීමේ අවසර පත්‍රයක් තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරී පනතෙන් හදිසි අවස්ථාවක දී ලියාපදිංචි නොකර නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශය ලිඛිත ඉල්ලීම පරිදි ඖෂධ ගැන්වීමට අවසර දෙන ක්‍රමවේදයක්.

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ නිකුත් කරන ලද රජයේ රෝහල්වලට ඖෂධ ශාඛාවන්හි ඖෂධ තත්ත්වය පෙන්නුම් කරන Essential Parma Items Institutional Stock Position as at 26.09.2022 සහ වෛද්‍ය සැපයුම් වංශයේ ඖෂධ සංචිතයේ තත්ත්වය පෙන්නුම් කරන Parma.E.stok.Position 26.09.2022 යන ලේඛන වලට අනුව 2022 සැප්තැම්බර් 26 වන දින වන විට මෙරට රජයේ රෝහල් සඳහා ඖෂධ බෙදා හරින රජයේ ඖෂධ සැපයුම් අංශයේ මධ්‍යම ශාඛාවෙහි මෙම හියුමන් ඉමියුකෝ ග්ලෝබින් ඖෂධයේ ඉතිරිව පැවත ඇත්තේ 4475 ක් පමණක් බවයි.

  රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ මධ්‍යම ඖෂධ ශාඛාවන්හි සදහා 1310 ක් සහ රජයේ රෝහල්වලට 3665 ක් වශයෙනි.ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් පද්ධතිය සඳහා මෙම හියුමන් ඉමියුකෝ ග්ලෝබින්  ඖෂධයෙහි මාසික අවශ්‍යතාවය වයිල 7500ක් පමණ වන බවද එම දත්ත තුළින් අනාවරණය වේ.

එනම් 2022 සැප්තැම්බර් 26 වැනි දින වන විට රජයේ සෞඛ්‍ය පද්ධතිය තුළ එම ඖෂධය පැවැති ඇත්තේ දින විස්සකට පමණ ප්‍රමාණවත් වන පරිදිය.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img