Wednesday, January 28, 2026
17 C
Sri Lanka

ජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි සූදානම් කරයි.

ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසසයි.

ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත හෙයින් ඡන්ද පෙට්ටි මෙසේ සූදානම් කරන බවද ඔහු පවසයි.

ඡන්ද පොළ පිළිබඳ විස්තර ලබා ගත් වහා ඡන්ද පෙට්ටිවල යම් අඩුපාඩු තිබේ නම් ඒවාද නොපමාව නිවැරදි කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වන අතර ඡන්ද සඳහා භාවිතා කෙරුණු අබලන්වූ ඡන්ද පෙට්ටි රැසක් පවතින බවත් ඒවා රජයේ කර්මාන්තශාලාවට යවා පිළිසකර කිරීමට පියවර ගන්නා බවත් කොමිසම පවසයි.

මේ අතර මැතිවරණය ඉලක්ක කර නිලධාරී සංගණනයක්ද ළඟදීම පැවැත්වීමට කටයුතු කරන බව පැවසූ රත්නායක දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමගද ලබන සතියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය. 

මූලිකව දේශපාලන පක්ෂවල මැතිවරණ වියදම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයිද ඔහු පැවසුවේය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර දිනයක පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img