Thursday, January 29, 2026
19.3 C
Sri Lanka

ඕස්ට්‍රේලියාව අසරණ කරමින් ඇෆ්ගන් පිල තරගය ජයගනී.

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 21කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 148ක් රැස්කර ගැනීමට සමත් විය.

ඇෆ්ගනිස්ථාන පිල වෙනුවෙන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුරුබාස් පන්දු 49කදී දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් ද සමග ලකුණු 60ක් රැස්කර ගත්තේය.

ඊබ්‍රාහිම් සඩ්රාන් පන්දු 48කදී රැස්කගත් ලකුණු සංඛ්‍යාව 50කි.

ඊට හතරේ පහර 6ක් ද ඇතුළත් වේ.

පන්දු යැවීමේදී පැට් කමින්ස් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 127ක් පමණී.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 59ක් රැස්කර ගැනීමට සමත් විය.

ඊට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත් වේ.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ගුල්බඩින් නබී කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

නවීන් උල් හක් දවා ගත් කඩුළු සංඛ්‍යාව 3කි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img