Wednesday, January 28, 2026
15.8 C
Sri Lanka

නව කො#විඩ් ප්‍රභේදය අමෙරිකාව සහ චීනය වසා ගනී.

අමෙරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ මේවන විට සංසරණය වන EG.5 කොරෝනා වෛරස් ප්‍රභේදය අවධානය යොමු කළ යුතු වෛරස් ප්‍රභේදයක් (Vaariant of interest) ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.

කෙසේ නමුත් එය අනෙකුත් කොවිඩ් ප්‍රභේදයන්ට වඩා වැඩි තර්ජනයක් මහජන සෞඛ්‍යයට එල්ල නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

එසේ වුවත් සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත EG.5 කොරෝනා වෛරස් ප්‍රභේදය මේවන විට අමෙරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා රැල්ලක් ඇති කර ඇති අතර එරට කොරෝනා ආසාදිතයන්ගෙන් 17%ක්ම EG.5 ආසාදිතයන් බව වාර්තා වේ.

ඊට අමතරව චීනය, දකුණු කොරියාව, ජපානය සහ කැනඩාව ඇතුළු රටවල් රැසකින් දැන් EG.5 කොරෝනා ආසාදිතයන් වාර්තා වේ.

EG.5 කොරෝනා ප්‍රභේදයේ අවදානම පිළිබඳව ඇගයීමක් සිදුකළ ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එය දැනට පවතින ඔමික්‍රොන් අනුප්‍රභේදයන්ට වඩා අතිරේක තර්ජනයක් එල්ල නොකරන බවය.

කොවිඩ් -19 ගෝලීය වසංගතයෙන් ලොව පුරා 69 ලක්ෂයක් ජනතාව ජීවිතක්ෂයට පත් වූ අතර ආසාදිතයන් මිලියන 768ක් වාර්තා වුණි.

2020 වසරේ මාර්තු මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කළ අතර එම අවදානම ඉවත් කෙරුණේ මේ වසරේ මැයි මාසයේදි ය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img