Friday, January 30, 2026
23.1 C
Sri Lanka

විෂයන් ෆේල් වුණ අයත් උපකාරක පන්තිවල ගුරුවරු වෙච්ච හැටි.

ලංකාවේ උපකාරක පංති කාර්මාන්තය නියාමනය කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ එම කර්මාන්තය හරහා දෙමාපියන්ගේ රුපියල් බිලියන 200ක පමණ මුදලක් සංසරණය වන බවයි.

අද පවතින තරගකාරී විභාග ක්‍රමය හේතුවෙන් දෙමාපියන් විශාල මුදලක් වියදම් කර තම දරුවන් උපකාරක පන්තිවලට යොමුකරන බවත් විශේෂයෙන්ම 3,4,5 යන ශ්‍රේණිවල , 10,11 යන ශ්‍රේණිවල හා 12,13 යන ශ්‍රේණිවල ළමුන් විශාල ප්‍රමාණයක් උපකාරක පන්ති එකකට හෝ කිහිපයකට සහභාගී වන බව පවසනවා.

එහි සමස්ත වෙළෙඳපොළ වටිනාකම බලන විටදී වාර්ෂිකව රුපියල් බිලියන 200ක පමණ මුදල් හුවමාරුවක් මේ තුළ සිදුවෙන බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

එසේම මෙම උපකාරක පන්ති නියාමනයක් මේ වන විට සිදුනොවන බවත් ,උපකාරක පන්ති නියාමනයක් සිදුකර බදු දැලට යටත්වීමක් සිදුවිය යුතු බවත් ඒ මහතා අවධාරණය කරනවා.

ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් මේ වෙලාවේ සිදුනොකරොත් පාසල් අධ්‍යාපනය බිඳවැටී උපකාරක පන්තිවල ගොඳුරක් බවට පාසල් අධ්‍යාපනය පත්විය හැකි බව ඒ මහතා පවසනවා.

එහිදී විශේෂයෙන්ම පවතින තත්ත්වය ගැන පුළුල් අධ්‍යයනයක් සිදුකර දෙමාපියන් උපකාරක පන්ති වෙනුවෙන් දරණ වියදම පිළිබඳ නිසි අවබෝධයක් මෙන්ම දරුවන් උපකාරක පන්තිවලට සහභාගී වන්නේ ඇයි ද යන කාරණා පිළිබඳ සොයාබැලිය යුතු බව ද වසන්ත අතුකෝර මහතා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා මෙසේ අදහස් පලකලා.

“අදාළ විෂයන් ෆේල් වුණ අයත් උපකාරක පන්තිවලට ඇවිත් උගන්වන තත්ත්වයට පත්වෙලා. ඒ අයගේ සුදුසුකම් යම් ආකාරයට සොයාබැලිය යුතුයි. යම් නියාමනයක් සිදුවිය යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ පෞද්ගලික අධ්‍යාපනයත් ඇතුළත් විය යුතුයි. රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් පමණක් අපට හැකියාව ලැබෙන්නේ නෑ රටේ උපකාරක පන්ති ක්‍රියාවලියේ වෙනසක් වෙයි කියලා. මේ උපකාරක පන්ති පවත්වන ගුරුවරු කොහේ හරි ලියාපදිංචි විය යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශයට මේ ගැන ලොකු කාර්යභාරයක් තියෙනවා.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img