Wednesday, January 28, 2026
17 C
Sri Lanka

අසාත්මික මරණවලට හේතුව හොරණ ඖෂධය.

උග්‍ර අසාත්මිකතා තත්ත්වයන් හේතුවෙන් මරණ සිදුවූ Co-Amoxiclave For Inj – BP 1.2g නමැති ප්‍රතිජිවක ඖෂධය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාර මගින් පරීක්ෂණයක් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇත.

ඖෂධ භාවිතය හේතුවෙන් උග්‍ර අසාත්මිකතා ඇතිවී මියගිය රෝගීන් දෙදෙනකු භාවිත කර ඇත්තේද ප්‍රතිජීවක ඖෂධ දෙකක් බව ඖෂධ අසාත්මිකතා හේතුවෙන් වාර්තා වූ සිද්ධීන් ගැන සෙවීමට පත්කළ කමිටුවද ඊයේ (10) තහවුරු කළේය. කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති, සෛල ජීව විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දිම ජීවන්දර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

ඉන් එක් ඖෂධයක් වන්නේ මෙරට නිෂ්පාදනය කරනු ලබන ප්‍රතිජීවක ඖෂධයක් වන Co-Amoxiclave For Inj – BR 1.2g වන අතර අනෙක් ඖෂධය වන්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ නිෂ්පාදිත Bupivacaine Hydrochiloride in Dxtrose Inj USP 5/mg/m/ ඖෂධයයි. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් ගෙන්වන ලද ඖෂධයේ මෙරට තත්ත්ව පරීක්ෂාවේ ගැටලුවක් නොතිබූ බවද ඔහු පෙන්වා දුන්නේය.

එසේ වුවද මෙරට නිෂ්පාදිත Co-Amoxiclave ප්‍රතිජීවක ඖෂධය නිෂ්පාදනය කළ නිෂ්පාදකයාගේ වෙනත් ​ඖෂධ කාණ්ඩවල තත්ත්ව පරීක්ෂණවලදීද ගැටලු මතුව ඇති බවට වාර්තා වේ.

මේ තත්ත්වය මත Co-Amoxiclave ප්‍රතිජීවක ඖෂධය සම්බන්ධව වැඩිදුර අධ්‍යයනයක් සිදුකරන බවටද මහාචාර්යවරයා මෙහිදී කියා සිටියේය.

එම නිසා මෙම එන්නතේ කාණ්ඩ තුනක් වැඩිදුර පරීක්ෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාරයක් වෙත යොමු කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න කියා සිටියේය. ඒ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මෙම එන්නත ලබාදීමෙන් පසු නිකවැරටිය මූලික රෝහල, රාගම ශික්ෂණ රෝහල, කරවනැල්ල වතුපිටිවල සහ ගම්පහ යන රෝහල් පහකින් උග්‍ර අසාත්මිකතා තත්ත්වයට පත්වූ රෝගීන් වාර්තා වී තිබේ.

‘‘මරණ වාර්තා වූ නිසා එන්නත පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කරන්න අපි තීන්දු කළා. ඒ නිසා වෙනත් රසායනාගාරයකට සාම්පල යොමු කළා’’ යැයි සභාපතිවරයා කීවේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2019 වර්ෂයේ ලියාපදිංචි වී ඇති මෙම එන්නතේ ලියාපදිංචිය 2023 දක්වා වලංගු වෙයි.

කෙසේ වෙතත් 2023-06-30 සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති අවදානම් ඇගයීමේ අනුකමිටුවේ නිර්දේශ මත එම එන්නතේ කාණ්ඩ තුනක් තාවකාලිකව ඉවත් කර තිබේ.

ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්‌යේෂණාගාරයේ තත්ත්ව වාර්තා පදනම් කරගනිමින් එක් කාණ්ඩයක්ද භාවිතයෙන් ඉවත් කර ඇත.

මෙම එන්නත හොරණ කිඳෙල්පිටියේ පිහිටි පෞද්ගලික ඖෂධ නිෂ්පාදනාගාරයක් විසින් නිෂ්පාදනය කර තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img