Saturday, March 14, 2026
25.2 C
Sri Lanka

අතුරුගිරිය සිද්දියේ මේ වනවිට තත්වය මෙන්න.

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අතුරුගිරිය පොලීසිය විසින් අදාළ ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.

වෙඩි තැබීම සිදුවූ අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකුගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්ය.

අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

එම වෙඩි තැබීමේ සිද්ධියෙන් ගායන ශිල්පි කේ. සුජීවා ඇතුළු තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය.

පාදයකට වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ කේ.සුජීවා කොළඹ ජාතික රෝහලේ දී ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර ඇය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඝාතනයට ලක්වූ ක්ලබ් වසන්ත නැමැත්තාගේ බිරිඳ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට මාරුකර යවා තිබේ.

මේ අතර අදාළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පළාගිය වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

බුලත්සිංහල දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී අදාළ වෑන් රථය සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.

අදාළ වෙඩි තැබිම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය ද කඩුවෙල ප්‍රදේශයේ දී සොයාගනු ලැබීය.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img