Wednesday, January 28, 2026
18.5 C
Sri Lanka

ක්ලබ් වසන්ත ඝාතනයට ප්‍රබලයෙක් අත්අඩංගවට, ඒ අතරේ පොලීසියටත් දැඩි අවවාද.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සම්බන්ධයෙන්සැකපිට තවත් දෙදෙනෙක් ඊයේ (12) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වෙඩි තැබීමේ සිදුවීමේ මහ මොළකරු ලෙස හැඳින්වෙන ඩුබායි රටේ රැඳී සිටින සංජීව පුශ්පකුමාර නොහොත් ලොකු පැටීගේ මස්සිනා ඇතුළු තරුණයන් දෙදෙනෙකු බවයි පැවසෙන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර, ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් සිව්දෙනෙකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරු ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ තබාගෙන ඔහුගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට අදාළ මූලික විමර්ශන වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

ඒ අනුව, පොලිස් කොමිසම තීරණය කර ඇත්තේ, සැකකරුවකු ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ තබාගෙන ඔහුගෙන් පාපොච්චාරණයක් ලබාගැනීම, පොලිස්පති නියෝගවලට පටහැනිව එය මාධ්‍යවලට මුදාහැරීම සම්බන්ධයෙන් ඊට සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු අනෙකුත් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමටයි.

මේ අතර, එසේ ප්‍රශ්න ඇසූ පොලිස් නිලධාරීන් නීතියේ රැහැනට හසුකරගත යුතු බවයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේ.

තවද, මේ අතර,මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේ, එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පොලිස් නිලධාරීන්ට තමා දැඩි ලෙස අවවාද කළ බවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img