Friday, December 5, 2025
20.1 C
Sri Lanka

ස්වයං රැකියා ආධාර ඕන නම් 24 වැනිදාට පෙර ඉල්ලුම් කරන්න.

“2024 වර්ෂය ‘විගමනික ශ්‍රමිකයන්ගේ ව්‍යවසායකත්ව වසර’ යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් නම් කරනු ලැබ තිබෙනවා. අමාත්‍යවරයා එයින් බලාපොරොත්තු වෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ට වැඩි ගරුත්වයක් ලබා දීමට. මොකද ඔවුන් රට වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙනවා. විශේෂයෙන්ම විදේශ විනිමය මේ රටට ගෙන්වීමට ඔවුන් දායකත්වය දෙනවා. ඒ හේතුවෙන් ඔවුන් ඇගයීමක් වශයෙන්, ඔවුන්ට ගරු කිරීමක් වශයෙන් වැඩි ප්‍රතිලාභ ලබා දීමට තමයි ඒ හරහා බලාපොරොත්තු වෙන්නේ. මේ නිසා තමයි විගමනික ශ්‍රමික ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ දීපව්‍යාප්ත වැඩසටහන ආරම්භ වෙන්නේ. එහි ආරම්භක වැඩසටහන විදිහට පළවෙනි වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයඹ පළාත මූලික කර ගනිමින් පවත්වනවා. දෙවැන්න ගාල්ල දිස්ත්‍රික්කය සහ ඒ අවට දිස්ත්‍රික්ක මූලික කරගනිමින්, තුන්වන වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කය සහ ඒ අවට දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.” මෙසේ පවසන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සමාජ සංවර්ධන) එච්. ඩබ්ලිව්. සමන්ත මහතාය. විගමනික ශ්‍රමික ව්‍යවසායකයින් තැනීමේ වැඩසටහනේ ආරම්භක වැඩසටහන පිළිබඳවත් ඒ හා සම්බන්ධ තවත් කරුණුත් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

විගමනික ශ්‍රමික ප්‍රජාව සවිබල ගන්වන විගමනික ශ්‍රමික හරසර ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්වයං රැකියා ආධාර ලබා දීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. මේ වැඩසටහනේ ආරම්භය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?

මේක අපි ආරම්භ කළේ කාර්යාංශයේ ප්‍රත්‍යානුකලන අංශය හරහා. ප්‍රත්‍යානුකලන අංශය කියන්නේ විදේශ රැකියාවකට ගිහිල්ලා නැවත ශ්‍රී ලංකාවට පැමිණි අයව සමාජගත කරන අංශය. මේ අංශයේ එක් වැඩසටහනක් වශයෙන් තමයි මේ වැඩසටහන අප කරන්නේ. ඒ කියන්නේ ස්වයං රැකියා ලබා දීම, ස්වයං රැකියා සඳහා ආධාර ලබා දීම. මීට පෙර රුපියල් 25,000ක් වශයෙන් තමයි අපි ලබා දුන්නේ. දැනට 50,000ක් දෙනවා. ඉදිරියේදී මේක ලක්ෂයක් දක්වා වැඩි කරනවා. දැනට පනස්දාහක් උපරිමය යටතේ දෙනවා. එහෙම කිව්වට අපි මේකේ දෙන්නේ ද්‍රව්‍යමය ආධාර පමණයි. මුදල් නෙමෙයි. යම්කිසි කෙනෙක් ස්වයං රැකියාවක් කරනවා නම් ඒකට සහායක් ලෙස අවශ්‍ය කරන උපකරණ ලබා ගැනීම සඳහායි අනුග්‍රහය දෙන්නේ. අපි හිතමු ස්වයං රැකියාවකට යන්ත්‍ර සූත්‍ර, මහන මැෂිමක්, ශීතකරණයක් ගන්න අවශ්‍ය නම් රුපියල් 50,000ක් දෙනවා ඊට වැයවෙන ඉතුරු මුදල අදාළ තැනැත්තා විසින් දරලා ඒකෙන් අදාල උපකරණය හෝ යන්ත්‍රය ගන්න ඕන. ස්වයං රැකියාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන සහ දැනට ස්වයං රැකියාවක නිරතව සිටින දෙගොල්ලන්ටම වගේම, මේ වන විටත් විදේශගත වී ඉන්න ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් මේ ප්‍රතිලාභය ගන්න පුලුවන්.

මේ ස්වයං රැකියා ආධාර වැඩසටහන සඳහා ඕනෑම විදේශ ගත ශ්‍රමිකයකුට ඉල්ලුම් කරන්න පුලුවන්ද?

මේකට කවුරු හරි ඇයැදුම් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා රට යන්න ඕන. රට ගියත් එහි ගිහිල්ලා අදාළ රටේ අවුරුද්දක් හෝ දෙකක් රැකියාවේ නියැළෙන්න ඕනේ. ඊට පසුව අවුරුදු පහක් ඇතුළත ඔහු ලංකාවට ඇවිත් තියෙන්න ඕන. මේ තමයි මෙහි මූලික සුදුසුකම. ඊට පසුව ස්වයං රැකියාවක් කිරීමට විදේශගතව ආ ශ්‍රමිකයා බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඔහුට මේක ගන්න පුළුවන්. ඒ වගේම විදේශගත වෙලා ඉන්න තැනැත්තෙකුගේ පවුලක කෙනෙකුට අදාළ සුදුසුකම් ගැන සඳහන් කරලා ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ සඳහා අමතර සුදුසුකම් කිහිපයකුත් තියෙනවා. ඒ ඇරෙන්න එවැනි තැනැත්තෙක් තවත් ව්‍යාපාරයක දැනටමත් නියුතු වෙලා ඉන්නව නම් ඒක වැඩි දියුණු කරගන්නත් මෙයින් අවස්ථාව තියෙනවා.

ඒ සඳහා තිබිය යුතු අමතර සුදුසුකම් කියන්නෙ මොනවාද?

ඒ කියන්නේ ඉහත සුදුසුකම් සපුරලා විදේශයක සිට ආ තැනැත්තා අවුරුද්දක්වත් එහේ සේවය කරලා නැති වෙන්න පුළුවන්නම්, නමුත් ඊට කලින් රට ගිහිල්ලා ඔහු අවුරුද්දක්වත් ඉඳලා තියෙනවා නම් අපි ඒ ගැන සොයා, සලකා බලලා සුදුසුකමක් හැටියට ගන්නවා. ඊට අමතරව කරන් යන ස්වයං රැකියාව ගැන දැනුමක් තියෙන්න ඕන. මීට අයැදුම් කරන්නේ යම් ශ්‍රමිකයකුගේ පවුලේ අයෙකු නම් ඒ පුද්ගලයාත් ඒ සමාන සුදුසුකම් සපුරලා ඉන්න ඕන. ඒ ටික තමයි තියෙන අමතර සුදුසුකම්. ඉන් පසුව ගන්න භාණ්ඩයේ මුදල් වටිනාකම සඳහන් කළ ඉල්ලීමක් ඉදිරිපත් කළාම ඒ භාණ්ඩය මිලදී ගැනීමට බලාපොරෝත්තු වන ආයතනයට අපි චෙක්පත ලියනවා. ඒ කෙනාගේ අතට මුදලක් දෙන්නේ නැහැ. ගන්න මැෂින් එක 80,000 නම් අපේ රුපියල් 50,000 අරගෙන ඉතිරි රුපියල් 30,000 අතින් දාලා මැෂින් එක ගන්න පුළුවන්කම තියෙනවා.

විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් මේ වසර ‘විගමනික ව්‍යවසායක වසර’ ලෙස නම් කළා. මේ වසර හා මේ වැඩසටහන අතර කිසියම් සම්බන්ධතාවයක් තියෙනවද?

මේක අපේ ප්‍රත්‍යානුකලන අංශය හරහා රට ගිහිල්ලා ආපු අයට ලබා දෙන ලාභයක් ලෙස තමයි ඔවුන්ගේ ස්වයං රැකියාව හෝ යම්කිසි වෙනත් රැකියාවක් කරනවා නම් ඒවා වැඩි දියුණු කරන්නට තමයි ලබා දෙන්නේ. මීට වැඩි ප්‍රතිලාභයක් වශයෙන් රුපියල් මිලියන 61.8ක් වෙන් කරලා තියෙනවා මේ අවුරුද්දට ප්‍රතිලාභ ලබාදෙන්නට. ඒක වැඩි ප්‍රතිලාභ ලබා දීමේ අවස්ථාවක් වශයෙන් හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. අපිට ඒකට තවදුරටත් අයදුම්කරුවන් හඳුනගන්න ඕන එකටයි අපි මේ දිනවල පුවත්පත් දැන්වීම් කරන්නේ.

මේ ප්‍රතිලාභ වැඩි කරන්න වගේම වැඩසටහන ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගත් දිස්ත්‍රික්ක මොනවාද?

මේකේ ආරම්භයක් ලෙස මේ වැඩසටහන කුරුණෑගල පැවැත්වෙනවා. ඒ නිසාම කුරුණෑගල, කෑගල්ල, පුත්තලම, මාතලේ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ප්‍රතිලාභීන් ඉක්මනින් අැයදුම් පත් යොමු කළොත් අපිට විශේෂයෙන් පවත්වන උත්සවයේදී ඒ සඳහා සලකා බලන්නට පුළුවන්කම තියෙනවා. අවශ්‍ය සුදුසුකම් සපුරලා තියෙනවා නම් එම දිස්ත්‍රික්කවල අයට ඒ සඳහා සම්බන්ධ විය හැකියි. ඒ කියන්නේ දීපව්‍යාප්තව මේ පවත්වන වැඩසටහනේ ප්‍රතිලාභ වැඩි කරමින් මේ මාසේ 21 වැනිදා ප්‍රතිලාභ ලබා දීම ආරම්භ කරන්නට කටයුතු කරන්න සූදානම් කරලා තියෙන්නේ.

මේ සඳහා අයැදුම් කරන්නට කිසියම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් කොයි ආකාරයටද අයදුම් කළ යුත්තේ?

ඒ සඳහා පුවත්පත් දැන්වීමක් තියෙනවා. ඒකෙ තියෙන කරුණු අනුව ඉල්ලුම් කරන්න පුළුවන්. විශේෂයෙන් කාර්යාංශ අපේ වෙබ් අඩවිය වන www.slbfe.lk ඔස්සේ අයැදුම්පත් ගන්නත් පුළුවන්. එම අයැදුම්පත් ඒ අනුව යොමු කරන්නත් පුළුවන්. මීට අමතරව පහසුම විදිහ තමයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා විදේශ රැකියා සම්බන්ධයෙන් පත්කර ඇති සංවර්ධන නිලධාරීන් හමුවීම. ඔවුන් හම්බවෙලා ඒ මගින් අයැදුම් පත්‍රය අරගෙන, ඔවුන්ගෙන් උපදෙස් අරගෙන, ඉක්මනින් ඒක පුරවලා භාර දුන්නොත් අපිට කුරුණෑගල පැවැත්වෙන උත්සවයේ වැඩසටහනට එම තැනැත්තාව සම්බන්ධ කරගැනීමට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් කාර්යාංශයේ අදාළ දිස්ත්‍රික්කවල ලිපිනවල ඇති ශාඛා කාර්යාල වෙත ගොස් ඒවායේ ඊමේල් සඳහා අයැදුම්පත්‍ර යොමු කරන්නත් පුළුවන්. කුරුණෑගල – අංක 22, දකුණු වට රවුම පාර, කුරුණෑගල කියන ලිපිනය. මහනුවර – අංක 18, හීරස්සගල පාර, මුල්ගම්පොළ, මහනුවර. හලාවත – මයික්කුලම,කොළඹ පාර, හලාවත කියන ලිපිනය. දඹුල්ල – අංක 03, නිශ්ශංක මාවත, දඹුල්ල කියන ලිපිනය. මේ අපේ දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානවලට ගිහිල්ලා අයැදුම්පත්‍ර යොමු කරන්න. අනුරාධපුර කාර්යාලයේ ලිපිනය – අංක 29, අභය පෙදෙස, තුන්වන පටුමග අනුරාධපුර. වැඩි විස්තර ගන්න ඕන නම් අපේ 1989 අපගේ කෙටි දුරකථන අංකයට අමතලා වැඩි විස්තර ගන්න පුළුවන්. මේකට කොහොමද යොමු වෙන්නේ කියලා එම අංකයෙන් දැනගත හැකියි. නැතිනම් 0112 365673 ප්‍රත්‍යානුකලන අංශයෙනුත් වැඩි විස්තර ලබාගන්න පුළුවන්. අයැදුම්පත් යොමු කළ යුතු අවසාන දිනයක් තියෙනවා. 2024 ජූලි මාසේ 17 වැනිදා දිනට පෙර අයැදුම්පත් යොමු කළ යුතුයි.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img