Wednesday, January 28, 2026
17 C
Sri Lanka

ක්ලබ් වසන්තගේ බිරිඳට මල්වඩමක් එවලා.

පසුගියදා අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රසිද්ධ ව්‍යාපාරික ‘සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්තගේ’ බිරිඳ ‘මැණික් විජේවර්ධන’ගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

එම අවස්ථාවේදී ඇයගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී තිබු බවත්, එම වෙඩි උණ්ඩ ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් ඇය තවදුරටත් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයව මේ වනවිට සැක්කම් 03කට භාජනය කර තිබෙනවා.

මේ අතර නන්නාඳුන පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් පසුගියදා දිනක ඇයට මල්වඩමක් යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම සිද්ධියෙන් පසු රෝහල අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද සඳහන්.

‘ක්ලබ් වසන්තගේ’ අවමංගල්‍යය පැවැත්වෙන දිනයේදී ඇයව ඊට සහභාගි කරගැනීම වසන්තගේ දරුවන්ගේ අපේක්ෂාව වී තිබු බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් ඇය තවදුරටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් එය ව්‍යාර්ථ වී තිබෙනවා.

පසුගිය 08 වැනිදා සිදුවු එම වෙඩි තැබීමෙන් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර වසන්තගේ බිරිඳ හා ජනප්‍රිය ගායිකා කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකුට එම ප්‍රහාරයෙන් තුවාල සිදුවුණා.

ඔවුන් ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා ගොස් තිබු අතර එම මධ්‍යස්ථානය තුළදීයි ඔවුන් මෙම ප්‍රහාරයට ලක්ව තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ටැටු මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 07 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවන අතර මෙම ප්‍රහාරය කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී යන පාතාලයින් විසින් සැලසුම් කළ එකක් බවටයි පොලීසිය සැක පළකරන්නේ.

කෙසේ වෙතත් එම ප්‍රහාරයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img