Saturday, March 14, 2026
21.1 C
Sri Lanka

ඔන්ලයින් ණය අරන් මාරු වූ අය අධිකරණයට.

ඔන්ලයින් සමාගම් මගින් මාර්ගගත ක්‍රමයට ණය ලබාගෙන එම ණය මුදල් නැවත නොගෙවා පැහැර හරින ලද දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසක් අධිකරණය වෙත කැඳවමින් ඊයේ (16 වැනිදා) නියෝගයක් නිකුත් කර තිබේ.

රුපියල් ලක්ෂ දෙකට වඩා අඩු ණය මුදල් ඔන්ලයින් ක්‍රම ඔස්සේ ලබාගෙන එම මුදල් හිතාමතා ගෙවීම පැහැර හරින ලද කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට, මාතර, ගාල්ල, කෑගල්ල, පොළොන්නරුව, මන්නාරම, පුත්තලම, අවිස්සාවේල්ල, බෙලිඅත්ත, මාවනැල්ල, හඟුරන්කෙත ආදී ප්‍රදේශවල පුද්ගලයන් රැසකට ලබන සැප්තැම්බර් 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ විසින් ඊයේ (16 වැනිදා) නොතිසි නිකුත් කළේය.

කිසිදු සුරැකුමක් ඉදිරිපත් නොකර ජංගම දුරකථන ඇප් සහ වෙබ් අඩවි මගින් ණය මුදල් ලබාගෙන ඒවා නැවත නොගෙවා පැහැර හරින ලදැයි චෝදනා කරමින් කොළඹ 7 පිහිටි ඔන් ක්‍රෙඩිට් ඔන්ලයින් (On Credit Online) සමාගම විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සියයකට අධික පිරිසකට එරෙහිව පවරා තිබූ නඩු ඊයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය එම නියෝගය නිකුත් කළේය.

2022 අංක 33 දරණ සුළු හිමිකම් කාර්ය පටිපාටිය ප්‍රකාරව කොළඹ 7 පිහිටි සීමාසහිත ඔන්ක්‍රෙඩිට් පුද්ගලික සමාගම නීතිඥ ඩිල්ෂාන් වීරසේකර මගින් අදාළ නඩු පවරා තිබිණි.

පැමිණිලිකාර සමාගම 2021 වසරේ සිට සුළු පරිමාණ ණය ලබාදීමේ ව්‍යාපාරයක නිරතව සිටින බවත්, තම සමාගමේ ජංගම දුරකථන මෘදුකාංග හරහා විත්තිකාර ණය හිමියන් උඩුගත කළ දත්ත සසඳා ඒ අනුව ණය ලබාදීම සිදුකරන බවත් පැමිණිල්ලේ නීතිඥ වීරසේකර දන්වා සිටියේය.

ණය ලබාදීමේදී ණය හිමියාගෙන් කිසිදු සුරැකුමක් ලබා නොගන්නා බවත්, ඔවුන් යොමු කළ බංකු ගිණුම් අංකයට ණය මුදල කෙටි කාලයක් තුළදී බැර කිරිම් සිදුකරන බවත් පැමිණිලි මගින් දන්වා සිටියි.

පැමිණිලිකාර සමාගම විසින් 2022, 2023 සහ 2024 වසරවලදී රුපියල් ලක්ෂ 2 කට වඩා අඩු ණය ලබාගෙන හිතාමතා ගෙවීම් පැහැර හරින ලද පුද්ගලයන්ට එරෙහිව මෙම නඩු පවරා තිබිණි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img