Saturday, March 14, 2026
21.4 C
Sri Lanka

හතරෙන් එකකට ආඝාතය – ජීවිතය නැති කරන්නත් පුළුවන්

ලෝක මස්තිෂ්ක දිනය ලබන 22 වැනිදාට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව ‘ආඝාතය වළක්වා ගැනීම’ යන්නයි.

මෙරට සෑම පුද්ගලයින් 04 දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාත රෝගී තත්ත්වය සිය ජීවිත කාලය තුළ වැළඳීමේ ප්‍රවණතාව තිබෙන බව ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමය පවසනවා.

මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ (17) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

ඊට එක්වෙමින් ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා ප්‍රකාශ කළේ, නිවසේදීම මෙම රෝගී තත්ත්වය පිළිබඳ හඳුනාගැනීම ඉතා වැදගත් බවයි.

එලෙස නිරීක්ෂණය කර බලා ඒ සම්බන්ධයෙන් රෝගී තත්ත්වයක් ඇත්නම් කඩිනමින් රෝහල්ගත වන ලෙස ද වෛද්‍යවරයා එහිදී ඉල්ලීමක් කළා.

ආඝාතය යනු එක් පැත්තකින් ජීවිත නැති කරවන අසනීපයක් බවත්, මෙරට ආගාධ රෝගී තත්ත්වය 90%කගේ දක්නට ලැබෙන බවත්, වෛද්‍ය ගාමිණී පතිරණ මහතා කියා සිටියා.

රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ට්‍රරෝල් වැඩිවීම, ස්ථූලතාවය හා දුම්පානය ආදී කරුණු ද ආඝාතය රෝගී තත්ත්වය ඇතිවීමට බලපාන බවයි වෛද්‍යවරයා පෙන්වා දුන්නේ.

මේ එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආඝාත රෝගී තත්ත්වය පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළ ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ, සභාපති, විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා,

“ආඝාතය සඳහා දැන් විශේෂ ඖෂධයක් තියෙනවා.. ඉන් රුධිර කැටිය දිය කිරීමට හැකියි.. ඒ නිසා ආඝාතය ගෙදරදී හඳුනාගෙන ළඟම තියෙන රෝහලට පැමිණීම ඉතා වැදගත්.. ආඝාතය ඇතිකරන ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා.. කට පැත්තට යෑම, අත හෝ කකුලක් පණ නැති වීම, භාෂාව හැසිරවීමේ ප්‍රශ්නයක් ඇති වීම.. ඊට අමතරව තමන්ගේ ඇස් පෙනීම නැති වෙන්න පුළුවන්.. ඒ වගේම සමතුලිතතාවයන් නැති වෙන්න පුළුවන්.. මේ සියලු දේ සිදුවන්නේ, ක්ෂණිකව.. කිසිදු දැනුම්දීමක් නෑ.. එසේ වුවහොත් ඒ සිදුවන වේලාව සටහන් කරගැනීමත් වැදගත්.. ආඝාතයේ තිබෙන දුබලතාවය අවම කරගැනීමට අපිට ඊළඟට තියෙන අවි ආයුධය තමා පුනරුත්තාපනය.. ඒ කියන්නේ තෙරපි.. භෞතික චිකිත්සක ක්‍රම, වෘත්තීය චිකිත්සක ක්‍රම, කථන චිකිත්සක ආදි වශයෙන් රෝගීයාගේ දුබලතාවය අනුව නොයෙක් චිකිත්සක භාවිත වෙනවා… මේක විද්‍යාත්මකව තමයි කරන්නේ…”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img