Thursday, September 19, 2024
21.6 C
Sri Lanka

මොළය මිය ගිය එක්දරු පියාගේ වකු­ගඩු දෙක සාර්ථකව ගන්න හම්බන්තොට මහ රෝහල සමත් වෙයි.

මේක මහ­ත්තයා පිරූ දාන පාර­මි­තා­වක් වෙන්න ඇති -බිරිය කියයි

මොළය සම්පූ­ර්ණ­යෙන් මිය ගිය පුද්ග­ල­ය­කුගේ නීරෝගි අව­යව තවත් රෝගීන්ට බද්ධ කිරී­මට එම අව­යව ලබා­ගැ­නීමේ සාර්ථක සැත්ක­මක් හම්බ­න්තොට මහ රෝහ­ලේදී ඉකුත්දා (08) සිදු කෙරිණි.

මෙලෙස කළ සැත්ක­මින් මේ රෝගි­යා­ගෙන් ලබා­ගත් වකු­ගඩු දෙකක් තවත් රෝගීන් දෙදෙ­න­කුට බද්ධ කර තිබේ. හම්බ­න්තොට මහ රෝහ­ලට ඉකුත් ජූනි මාසයේ දිනක තද­බල හිසේ කැක්කු­ම­කින් පෙළෙන රෝගි­යෙක් ඇතු­ළත් කර ඇත. රෝගි­යාට කළ සීටී ස්කෑන් පරී­ක්ෂා­වට අනුව මොළයේ සිදු­වන රුධිර වහ­න­යක් සම්බ­න්ධ­යෙන් හඳු­නා­ගෙන තිබේ. ඒ අනුව මොළයේ සැත්ක­මක් කිරී­මට ගාල්ල කරා­පි­ටිය ජාතික රෝහ­ලට යොමු කර සැත්ක­මට භාජන කර නැවත හම්බ­න්තොට මහ රෝහ­ලට එවා දැඩි සත්කාර ඒක­කයේ දින කීහි­ප­යක් ප්‍රති­කාර ලබා ඇත.

හම්බ­න්තොට මහ රෝහ­ලේදී අව­යව ලබා­ගැ­නීමේ සැත්කම කළ අයුරු

මොළ­යට සිදුවී ඇති තද­බල හානි හේතු­වෙන් මොළය මිය ගොස් ඇති බව වෛද්‍ය­ව­රුන් තහ­වුරු කර ගැනී­මෙන් පසු රෝගි­යාගේ බිරිය හා ඥාතින් දැනු­ම්වත් කිරී­මට පිය­වර ගත් බව හම්බ­න්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජය­ව­ර්ධන මහ­ත්මිය සඳ­හන් කළාය.

ඒ අනුව මොළය මිය ගිය රෝගි­යාගේ සෙසු අත්‍ය­වශ්‍ය ශරීර අව­යව ද ටිකෙන් ටික මිය­යෑම සිදු­වන හෙයින් ඉතාම කඩි­න­මින් එම අව­යව සැත්ක­ම­කින් ඉවත් කර ගත­හොත් තවත් රෝගීන් අට දෙනෙ­කුගේ ජීවිත රැක­ගැ­නී­මට හැකි­වන බව වෛද්‍ය­ව­රුන් ඥාතීන්ට පැහැ­දිලි කරදී ඇත.

ඒ අනුව මොළය මිය­ගොස් දැඩි සත්කාර ඒක­කයේ සිටින මේ රෝගි­යාගේ බිරි­යගේ සහ ඥාතීන්ගේ අව­ස­රය අනුව වකු­ගඩු දෙක ලබා ගැනීමේ

ජීවිත දානය දුන් නිවු­ටන් ප්‍රදිප් මහතා

ජීවිත දානය දුන්
නිවු­ටන් ප්‍රදිප් මහතා

සැත්කම හම්බ­න්තොට මහ රෝහ­ලේදී කිරී­මට පිය­වර ගත් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජය­ව­ර්ධන මහ­ත්මිය සඳ­හන් කළාය.

රෝගි­යාගේ ඥාතීන්ගේ කඩි­නම් තීර­ණය හා සහාය අනුව මොළය මිය­ගොස් සිටි රෝගි­යාගේ වකු­ගඩු ලබා­ගැ­නීමේ විශේෂ සැත්කම විශේ­ෂඥ වෛද්‍ය ඩී.එම්.ජී. අම­ර­සිංහ මහතා ප්‍රමුඛ හම්බ­න්තොට මහ රෝහලේ කායික රෝග විශේ­ෂඥ වෛද්‍ය කසුන් ප්‍රභා­සර, නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් වන වෛද්‍ය හිරු­ෂක ද සිල්වා, වෛද්‍ය මහේෂ් ප්‍රියන්ත හා ශල්‍යා­ගා­රයේ සිය­ලුම කාර්ය­ම­ණ්ඩ­ලය මඟින් මේ සැත්කම සාර්ථ­කව සිදු කිරී­මට දායක වූහ.

මොළය මිය­ගොස් සිටින ඕනෑම පුද්ග­ල­ය­කු­ගෙන් ඉතා කඩි­න­මින් රෝගි­යාගේ පාර්ශ්වයේ සිය කැමැත්ත මත බද්ධ කළ හැකි අව­යව වන හෘද වස්තුව, අක්මාව, වකු­ගඩු, පෙණ­හලු, බඩ­වැල්, අග්න්‍යා­ශය, අස්ථි, සම හා ඇස් ලබා­ගැ­නී­මට හැකි­වන අතර එම අව­යව බද්ධ කිරී­මෙන් තවත් ජීවිත අටක් නැවත ජීවත් කර­වී­මට හැකි­වන බව හම්බ­න්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජය­ව­ර්ධන මහ­ත්මිය සඳ­හන් කළාය. ඒ අනුව හම්බ­න්තොට මහ රෝහලේ මෙදින කළ සැත්ක­මින් එම රෝගි­යා­ගෙන් වකු­ගඩු දෙක පම­ණක් ලබා­ගෙන තවත් රෝගි පුද්ග­ල­යන් දෙදෙ­න­කුට සාර්ථ­කව බද්ධ කිරී­ම­ටද හැකි වූ බවද ඇය සඳ­හන් කළාය.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක් වූ රෝගි­යාගේ බිරිය සන්ධ්‍යා කුමු­දුනි මහ­ත්මිය,

“මිය ගොස් සිටින්නේ මගේ සැමියා ප්‍රදීප්. ඔහුට වයස අවු­රුදු 49යි. හම්බ­න්තොට මාන­ජ්ජාව මැඩිල්ල පදිං­චිව සිටින්නේ. මහ­ත්තයා හම්බ­න්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වැඩ කළේ. එදින දවල් කෑම ගන්න හදන විට හිසේ කැක්කු­මක් ඇවිත් තිබුණා. ඒ වෙලා­වේම හම්බ­න්තොට මහ රෝහ­ලට ඇතු­ළත් කර තිබුණා. මහ­ත්ත­යාගේ මොළයේ නහ­ර­යක් පිපි­රිලා ලේ ගල­නවා කියා කරා­පි­ටිය මහ රෝහ­ලට යවා සැත්ක­මක් කළා. නැවත හම්බ­න්තො­ටට ගෙනාවා. වෛද්‍ය­වරු මට කීවා දැන් මහ­ත්ත­යාගේ මොළය මැරිලා. ජීවත් කර­වන්න තිබෙන තත්ත්වය එන්න එන්නම අඩු­වෙ­නවා කියලා. මහ­ත්ත­යාගේ ශරී­රයේ තිබෙන අනික් අව­යව ද ටිකෙන් ටික මිය යන නිසා වකු­ගඩු දෙක සැත්ක­ම­කින් ලබා­ගත හොත් තවත් ජීවි­ත­යක් බේරා ගැනී­මට පුළු­වන් කීවා. මගේ මහ­ත්තයා මිය­යන බව මම හොඳ­ටම දැන­ගෙන තවත් ජීවි­ත­යක් වෙනු­වෙන් ශරී­රයේ කොටස් දන් දෙන්න මහ­ත්ත­යාගේ නාම­යෙන් මමත් දරු­වාත් පවුලේ අයත් කැමැත්ත පළ කළා. ජීවිත දානය දන්දීලා ශරීර කොටස් දීම කළා. මහ­ත්තයා මට අද අහිමි වුණත් මම නොහ­ඳු­නන තවත් රෝගී පුද්ග­ල­යන්ට මගේ මහ­ත්ත­යාගේ ශරී­රයේ කොටස් බද්ධ කර ඒ අය ජීවත් කර­වීම මගේ මහ­ත්තයා කළ දාන පාර­මි­තා­වක් වෙන්න ඇතැයි මා සිත­නවා.”

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img