දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) සමග අද (25) අලුයම කහතුඩුව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබේ.
ඉකුත් 18 වනදා දෙහිවලදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක්, අද අලුයම 4:30ට පමණ කහතුඩුව, පාලගම, කැදැල්ඕවිට ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂාවට ලක්කර ඇත. එම අවස්ථාවේදී එහි සැඟවී සිටි සැකකරු නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති අතර, STF නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරවලින් ඔහු මියගොස් තිබේ.
මෙම වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. මියගිය සැකකරුගේ මෘත දේහය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෑතර රෝහලේ තැන්පත් කර තිබේ.
19 හැවිරිදි ප්‍රවීන් නිශ්ශංක ඝාතනය කිරීම සඳහා බඩෝවිට අසංක පාර්ශ්වයේ “සැන්ඩෝ” නමැත්තා විසින් මෙහෙයවා ඇති බව සහ තුවක්කුකරු සහ පැදිකරු මෙහෙයවා ඇත්තේද සැන්ඩෝ විසින් බව විමර්ශනයේදී අනාවරණය වී තිබූ අතර රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් මත දෙහිවල ඝාතනය සිදුකර තිබූ බව හෙළි විය.






