Friday, December 5, 2025
20.8 C
Sri Lanka

රා මදින්නෙකුට රු. 380,000ක මාසික වැටුපක්.

තම සමාගම යටතේ සේවය කරන රා මදින්නෙකු, පසුගිය මාසයේ දී රු. 380,000 ක වැටුපක් ලබා ගෙන ඇති බව මෙරට ප්‍රමුඛතම මත්පැන් නිෂ්පාදන සමාගමක ප්‍රධානියෙකු අද දෙරණ Business වෙත පැවසීය.  ඔහු පැවසුවේ එම පුද්ගලයා රු. 60,000 ක් ඉක්ම වු ආදායම් බදු ප්‍රමාණයක් ද එම මාසය තුළ ගෙවා ඇති බවයි.

කෙසේවෙතත් වෘත්තීයමය රා මදින්නන්ගේ දැඩි හිඟයක් පැවතීම, මේ වන විට තම කර්මාන්තයට එල්ල වී ඇති ප්‍රධාන අභියෝගයක් වී ඇති බව එම සමාගම් ප්‍රධානියා අද දෙරණ Business වෙත වැඩිදුරටත් පැවසීය. ඔහු පැවසුවේ සමාජ පිළිගැනීම සහ වෘත්තියේ ඇති අවදානම් ස්වභාවය සැලකිල්ලට ගනිමින්, බොහෝ විට තරුණයන් මෙම රැකියා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට මැලිකමක් දක්වන බවයි.

අක්කර 130 ක් ඉක්මවූ සිය සමාගමේ පොල් වතු යායෙහි දෙදහස ඉක්මවූ පොල් ගස් ප්‍රමාණයක් තිබුණ ද , රා මැදීම සඳහා මේ වන විට එයින් භාවිතයට ගැනෙන්නේ පොල් ගස් 1,100 ක් පමණ බවත්, වෘත්තීය රා මදින්නන්ගේ හිඟය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

රා මදින්නන් සඳහා ගෙවීම් සිදුකිරීම ඔවුන් විසින් දෛනිකව ලබා ගන්නා රා ලීටර් ප්‍රමාණය අනුව තීරණය වේ. සාමාන්‍යයෙන් පළපුරුදු රා මදින්නෙකු හට දිනකට ගස් 100 කට වැඩි ප්‍රමාණයකින් රා ලබා ගැනීමට හැකියාව ඇති බව ද මෙහිදී අනාවරණය විය.

මේ අතර මෙරට වෘත්තීයමය රා මදින්නන් බිහිකිරීම සඳහා ජාතික ආධුනිකත්ව මණ්ඩලය මේ වන විට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ සති දෙකක විධිමත් පුහුණුවකින් පසු, රා මදින්නන් වෙනුවෙන් ජාතික වෘත්තිය නිපුණතා (NVQ -3 මට්ටමේ) සහතිකපතක් ලබාදීමට පියවර ගෙන තිබීමයි. ඒ අනුව අතීතයේ දී සමාජයේ පිළිගත් වෘත්තීය ක්ෂේත්‍රයක් නොවූ රා මැදීම, අද වන විට වෘත්තීය මට්ටමේ රැකියාවක් දක්වා ඉහළට පැමිණ තිබීමත්, ඒ සමඟ ඉහළ වැටුප් තලයකට හිමිකම් කීමට ඔවුන්ට හැකියාව ලැබී තිබීමත් විශේෂත්වයකි.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img