Saturday, March 14, 2026
26 C
Sri Lanka

ජවිපෙ බලය සහිත අකුරැස්ස සමුපකාරය ලාභයෙන් කෝටි 17ක වෙන්කර මහල් 5ක රෝහලක් හදන්න යයි.

2005 වසරේ සිට ජවිපෙ විසින් බලය හොබවන අකුරැස්ස සමුපකාරය විසින් කෝටි 17ක වියදමින් මහල් 05ක රෝහලක් ඉදිකිරීම අරඹා ඇත.
අකුරැස්ස නගර මධ්‍යයේ ඉදිවන මෙම සමුපකාර රෝහල වෙනුවෙන් පසුගිය 17 වෙනිදා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් මුල් ගල තබනු ලැබීය.

නිවැරැදි නායකත්වය, කැපවීම හා සමූහිකත්වය සහිතව නැගිටින්නේ නම් බංකොලොත් රටක වුවද ලාභ ලබමින් ජනතාවට ඉහළ මට්ටමේ සේවා සැපයිය හැකි බවත් මේ ආදර්ශය අකුරැස්ස සමුපකාරය විසින් සමාජයට ලබා දෙමින් සිටින බවත් මෙහිදී අදහස් දක්වමින් විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ ආකාරයටම හැකියාව, දක්ෂතාව සහ කැපවීම සහිත, රට ගොඩ නැගීමේ සැබෑ අවශ්‍යතාවයක් ඇති පුරවැසියන්ගේ එකතුවක් වූ ජාතික ජන බලවේගයට රට ගොඩනැගීමේ අභියෝගයද බාරගත හැකි බව විජිත හේරත් වැඩිදුරටත් කියා සිටියේය.

2005 වසරේදී “සම්මුතියේ ආදර්ශය හෙට දවසේ රටට” තේමාවේ බලාපොරොත්තුව ඇතිව සමුපකාරය සුරැකීමේ සංවිධානය පැමිණි ගමන ඉතාම ප්‍රශංසනීය බවත් සමුපකාරය ලැබූ ලාභයෙන් කෝටි 17ක් වැය කොට මහල් පහකින් යුතු නවීන සියලුම පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් ඉදිකර ජනතාවට යහපත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩලය ගනු ලැබ ඇති තීරණය පිළිබඳව සතුටු වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අකුරැස්ස විවිධ සේවා සමිතියේ ආරාධනය පරිදි මේ අවස්ථාවට දකුණු පළාත් සමුපාකාර සංවර්ධන කොමසාරිස් කේ.පී.ජි.සුමිත් ශාන්ත ප්‍රධාන සමුපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්, කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගරුසිංහ, අකුරැස්ස දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය අධිකාරී මානක විදානපතිරණ ප්‍රධාන වෛද්‍යවරුන්, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම්වරියන්, ප්‍රාදේශීය සභා ලේකම්වරුන්, ව්‍යාපාරික ප්‍රජාව, සමුපාකාර කාර්යමණ්ඩලය, සාමාජිකයන් සුභපතන්නන් ඇතුළු ප්‍රදේශවාසී විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

වසර 20ක් පමණ සමිතියේ සභාපති ලෙස කටයුතු කරන ඩබ්.ටී.කේ. රාජපක්ෂ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ කැපවීම් හේතුවෙන් මේ වන විට දකුණු පළාතේ අංක එකේ සමුපකාරයක් බවට අකුරැස්ස සමුපකාරය පත්වී ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img