Friday, December 5, 2025
21 C
Sri Lanka

Living together ඉඳලා විවාහ වෙන්න කැමතියි. මේක හරි අමුතු කතාබහක්.

ලක්ෂිකා ගැන විස්තර ටිකක් කියමුද?

මගේ නම ගීතාංජලී ලක්ෂිකා. පදිංචිවෙලා ඉන්නෙ හොරණ. මේ වෙද්දි මට වයස අවුරුදු විසි හතරයි.

දෙවෙනි ඉනිමට සම්බන්ධ වුණේ කොහොමද?

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රදීශ්ගේ චරිතය රඟපාන ඉෂාර අයියා තමයි මාව දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයට සම්බන්ධ කෙරුවේ. ඒ ගැන ඇත්තටම ඉෂාර අයියට මම ස්තුතිවන්ත වෙනවා.

දෙවෙනි ඉනිම වගේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක රඟපාන්න ලැබීම ගැන හිතන්නෙ මොනවද?

ටී.වී දෙරණ නාළිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම කියන්නෙ තාමත් ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. ඉතින් ඒ වගේ ටෙලි නාට්‍යයක චරිතයක් රඟපාන්න ලැබෙන එක භාග්‍යයක් කියලයි මම හිතන්නෙ.

කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ⁣ගොඩක් දෙනා මට කෝල්කරලා මැසේජ් කරලා සුබ පැතුවා.

නිළියක් වෙන්න කලින් නිරූපිකාවක් නේද?

ඔව්. වසර ගණනාවක ඉඳන් මම නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා. මේ වෙද්දි මම පොටෝ ෂූ⁣ට්, වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝවලට නිරූපිකාවක් විදිහට රංගනයෙන් දායකවෙලා තියනවා.

නිරූපණයෙදි කොට ඇඳුම් සහ ඇඟ පේන විවෘත ඇඳුම් අඳින්න වෙන එක ගැන මොකද හිතන්නෙ?

නිරූපිකාවක් වුණාම ඕනෑම ඇඳුමක් අඳින්න පුළුවන් වෙන්න ඕන. නමුත් සමහර ඇඳුම්වලට අකමැති නම් ඒවා අඳින්නෙ නැතුව ඉන්න අපිට අයිතිය තියනවා. කොට ඇඳුම් සහ යම් තාක් ප්‍රමාණයකට විවෘත ඇඳුම් මම නිරූපණයේදි අඳිනවා. ඒ ඇරුණාම ගොඩක් සරාගී බිකිනි වගේ ඇඳුම් මම අඳින්නෙ නැහැ.

රංගනය නිසා නිරූපණය මඟහැරෙයිද?

නැහැ. නිළියක් විදිහට ගොඩනගා ගන්න අනන්‍යතාවය නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකරන්න දායක කරගන්නයි මම බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

ටැටූස්වලට කැමතියි කියලා ආරංචියි?

ඔව්. මේ වෙද්දි මම පිට ප්‍රදේශයේ ටැටූ එකක් කරලා තියනවා.

ඇඟේ හැඩය ලස්සනට තියාගෙන ඉන්නෙ කොහොමද?

මම කවදාවත් ජිම් ගිහින් ඇඟ හදගත්තෙ නැහැ. විනෝදාංශයක් විදිහට මම නර්තන කටයුතු කරනවා. නර්තනය නිසා මගේ ඇඟ හැඩට හැදිලා තියනවා.

ආදරය ගැන මොකද හිතන්නෙ?

ආදරය කියන්නෙ අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. හොඳ කෙනෙක් අපේ ජීවිතයට ළංවුණොත් ආදරය කියන්නෙ ගොඩක් සුන්දර දෙයක්.

මේ වෙද්දි පෙම්වතියක්ද?

ඔව්. මම ආදරවන්තියක්.

ප්‍රේම සම්බන්ධතාවයකදි වැඩිපුර තියෙන්නෙ ඕන රාගයද එහෙම නැත්තන් ආදරයද?

ආදරයෙදි ආදරය තමයි වැඩිපුර තියෙන්න ඕන. ඒ වගේම ආරක්ෂාව රැකවරණය වගේ දේවලුත් තියෙන්න ඕන. මේ දේවල් හරියට ලැබෙන කොට රාගය ඇතිවෙනවා.

ප්‍රේම සම්බන්ධතාවය නවත්තපු ගමන්ම කොල්ලා කෙල්ලගේ වීඩියෝ ලීක් කරනවා. මේ ගැන මොකද හිතන්නෙ?

ඇත්තටම ආදරය කළා නම් කවදාවත් තමන් යාළුවෙලා හිටපු ගෑනු ළමයාගේ නිරුවත ප්‍රසිද්ධ කරන්නෙ නැහැ. ගෑනු ළමයි දැනගන්න ඕන තමන් ආදරය කරන්නෙ කාටද ඒ කෙනාව විශ්වාස කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. විශ්වාසයක් ඇතුව හරි කෙනාව ජීවිතයට ළංකර ගන්නවා නම් මම හිතන්නෙ නැහැ වීඩියෝ ලීක් කරනවා වගේ සිද්ධි අපිට අහන්න දකින්න ලැබෙයි කියලා.

විවාහ වෙන්න හොඳ සාමාන්‍ය සම්බන්ධතාවයකින්ද නැත්තන් living together ඉඳලද?

මම හිතන්නෙ විවාහ වෙන්න හොඳ living together සම්බන්ධතාවකින් කියලා. දෙන්නට දෙන්නාගේ ආකල්ප සිතුම් පැතුම් හැම දෙයක්ම තේරුම් අරගෙන ජීවත්වෙන්න පහසුම විදිහ living together ඉඳලා කියලයි මම හිතන්නෙ.

ඔබ කවදාහරි විවාහ වෙන්න කො⁣හොමද?

මම කැමතියි living together සම්බන්ධතාවයක් පවත්වලා විවාහ වෙන්න. සමහරවිට ඉදිරියෙදි මමයි මගේ පෙම්වතයි living together ඉන්න ඉඩ තියනවා.

ශ්‍රී ලංකාවේ සංස්කෘතියත් එක්ක living together ඉන්න පුළුවන්ද?

Living together සංකල්පය වැරැද්දක් කියලා දකින්නෙ නොදියුණු ගෝත්‍රික මිනිස්සු කියලයි මම හිතන්නෙ. එක පාර විවාහ වෙන්නෙ නැතුව එකට ජීවත්වෙලා තමන්ගෙ සහකරුවව තේරුම් ගන්න එකෙන් පවුල් ආරවුල් දික්කසාද ප්‍රශ්න වගේ දේවල් ඇතිවෙන එක අඩුවෙනවා. ඉතින් මම හිතන්නෙ living together සම්බන්ධතාවක් පවත්වලා දෙන්නට දෙන්නා තේරුම් අරගෙන විවාහ ජීවිතයකට යනඑක තමයි හොඳම විදිහ කියලා.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img