Thursday, January 29, 2026
23 C
Sri Lanka

කොන්දොස්තරලා නැති බස් රථ ධාවනය ළගදීම.. වැඩේ වෙන්නේ මෙහෙමයි.

විද්‍යුත් බස්රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ එම බස් ධාවනයේ දී කොන්දොස්තරවරු අනවශ්‍ය බවය.

එම බස් රථවල ගමන් කළ හැක්කේ විද්‍යුත් කාඩ් පතකින් පමණක් බවත් කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කරගැනීමට එමඟින් හැකියාව ලබෙන බවත් ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී වැඩිදුරයත් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න,

“කොන්දොස්තරවරයෙක් නෑ මේ බස්රථවල. විශේෂයෙන්ම මේ බස්රථවල යන්න පුළුවන් විද්‍යුත් කාඩ් පතකින් පමණයි. අපි ළිං මැඬියෝ වගේ ඉන්නේ. අපි විද්‍යුත් තාක්ෂණයට යා යුතුයි. ඉදිරියේ දී බස්රථ ආයෝජනය කරන්නේ ඒ උපකරණ සමඟ. ඒ කියන්නේ බස් රථයට නැංගහම අපිට අලුතින් ටිකට් මැෂින් අවශ්‍ය නෑ. ටච් කරන්න පුළුවන් කාඩ් එක හරහා. ලංකාවේ භාවිත කරන ඕනෑම කාඩ් එකක් භාවිත කරන්න පුළුවන්. අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේ බස්රථ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට දාන්නේ කොළඹ මාර්ග තදබදය අඩුකර ගන්න. මේ කාර්වලින් යන ජනතාව බස් එකේ යන්න යොමු කරන්න. ආබාධිතයින්ට මේ බස්වල යන්න පුළුවන්. මේ බස්රථ දැම්මහම කොළඹට වාහන ඒම පිළිබඳ යම් තීරණයක් ආණ්ඩුව ගත යුතුයි.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img