Saturday, September 21, 2024
33.4 C
Sri Lanka

ඔය ඇමතිකම මොකටද ? – අටමස්ථානාධිපති හිමි ඇමති බන්දුලගේ මූණටම කියයි.

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ආරක්ෂාව සැපයීමට බැරි නම් ආණ්ඩුවේ ඇමැතිකමක් දරන්නේ කුමටදැයි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියෝ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට දෝෂාරෝපණය කළ බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි හමු වී ආශිර්වාද ගැනීමට ඊයේ(14) පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මෙසේ දෝෂාරෝපණය කළහ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන මඟින්ට එතැන් සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ලංගම බස් රථයක් ලබා දෙන්නැයි දීර්ඝ කලක සිට ඉල්ලීම් කළත් තවමත් බස් රථයක් යොදවා නැතැයිද මේ නිසා දුම්රියෙන් පැමිණෙන මඟීන්ට ත්‍රීරෝද රථවලට විශාල මුදලක් ගෙවන්නට සිදුව ඇතැයිද උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.

එහිදී උන්වහන්සේ මෙසේ ද අදහස් දක්වා සිටියා.

“ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට වැඩිම බැති මතුන් පිරිසක් පැමිණෙන්නේ දුම්රියෙන්. එතැන් සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගමන් කිරීමට කිසිදු ලංගම බස් රථයක් යොදවලා නැහැ. දිගු කාලයක සිට කොයි තරම් ඉල්ලීම් කළත් ලංගම බස් රථ දුවන්න දෙන්නේ නැහැ. දුම්රිය ස්ථානයට දුම්රියක් ආපු ගමන්ම ත්‍රිරෝද රථ පෝලිමේ ඇවිත් එතන ආක්‍රමණය කරනවා. සමහර බැතිමතුන් ත්‍රිරෝද රථවලට නඟින්න අකමැති වුනත් බලහත්කාරයෙන් ඒ අය ත්‍රිරෝදවලට පටව ගන්නවා. ඊට පසු ත්‍රිරෝද රථය වට ගණනාවක් ගිහින් ජය ශ්‍රී මහා බෝධියට ඒ අයව එක්කගෙන ගිහිල්ලා රුපියල් හත්සිය පනහක්, දාහක් ඒ අයගෙන් අය කරනවා. පොලිසියට පමණක් නෙමෙයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ලංගම සේවකයන්ට ඔක්කොටම මේ අය මැර තර්ජනත් එල්ල කරනවා. දෙවතාවක් සී.ටී.බී බස් රථ ධාවනය කරන්න උත්සහ කළත් ඒ අයට කරපු පහරදීම් හේතුකොට ගෙන ඒ අයට තුවාල සිදු වූ අවස්ථාත් තියෙනවා. ඒ නිසා බැතිමතුන්ට විශාල අගතියක් වෙනවා කියන එක එන අය පැහැදිලි කරනවා. මේ ගැන දේශපාලන නායකයන්ටත් දැනුම් දී තිබෙනවා. නමුත් මේ සියලුදෙනා මට පේන්නේ මේ මැර කණ්ඩායම්වලට බිය වෙලා තිබෙනවා. දුම්රිය මගින් ජය ශ්‍රී මහා බෝධිය වඳින්න එන අයට ආරක්ෂාව දෙන්න ආණ්ඩුවට බැරිනම්, අමතර බස් දාලා හරි ඒ අයට පහසුකම් දෙන්න බැරි නම් ඇමැතිකමක් කරන්නේ මොකටද කියලා මම බන්දුල ඇමැතිතුමාගෙන් අහන්න කැමැතියි.”

මෙම අවස්ථාවට උතුරු මැද හිටපු මහ ඇමැති රංජිත් සමරකෝන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්, පළාතේ උසස් නිලධාරීන් සහභාගී වී සිටි අතර උන්වහන්සේ ඇමැතිවරයා ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ පොලිසියට කියලා ඵලක් නැත්නම්, ජනාධිපතිතුමාට කියලා හමුදාව හරි යොදලා බැතිමතුන්ගේ ආරක්ෂාව සලසන්න වැඩපිළිවෙළක් ඉක්මනින් සකස් කරන ලෙසයි.

සෑම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙන්ම පොහෙය දිනවලටත් අනුරාධපුරයට එන බැතුමතුන් වෙනුවෙන් දුම්රිය හා ලංගම ඒකාබද්ධ බස් සේවාවක් ඇති කිරීමට සඳහා කෙසේ හෝ බස් රථ දෙකක් ලබා දෙන බවට ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අටමස්ථානාධිපති හිමියන් හමුවේ පොරොන්දු වූ බවද වාර්තා වෙනවා.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img